(අංජුල මහික වීරරත්න)

මහජන සම්පත පන්දහස් වන දිනුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී පෙරේරා මහතා ටිකට්පත ජනාධිපතිවරයාට ලබාදුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ඩී.ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.