
(අංජුල මහික වීරරත්න)
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
අනතුරුව වියට්නාම් ජනාධිපති මන්දිරයේ ඇති හෝ චි මිං අනුස්මරණ භූමිය නැරඹූ ජනාධිපතිවරයා නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සොහොන් ගැබ වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd