IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා

(අංජුල මහික වීරරත්න)

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය.

වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කරන ලෙස ජනාධිපතිවරයා  වින්ගෲප් සමූහයට ආරාධනා කළේය.

වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහ විවිධාංගීකරණය වූ ගෝලීය සන්නාමයන් ගොඩනැගීම වෙනුවෙන් සුබ පැතුම් එක් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ  ආයෝජන සඳහා නම්‍යශීලී හා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ විශේෂයෙන් සංචාරක හා දේපළ වෙළඳාම් වැනි ඉහළ විභවයක් ඇති අංශවල විදේශීය ආයෝජකයින්ට හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා රජයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ටෙක්නොකොම් කෝපරේෂන් (Technocom Corporation) ලෙස හැඳින් වූ වින්ගෲප් ඒකාබද්ධ කොටස් සමාගම (Vingroup JSC) 1993 වසරේදී යුක්රේනයේ ආරම්භ කරන ලදී. වර්තමානය වන විට, වින්ගෲප් නාමය වියට්නාමයේ විශාලතම සහ වඩාත්ම ගෞරවනීය පෞද්ගලික ව්‍යවසායන්ගෙන් එකකි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වින් වීඑට් ක්වැන්ග් (Nguyen Viet Quang) යන මහත්වරු සහ දෙරටේ නියෝජිතයෝ මෙම සාකච්ඡාවට සහභාගී වූහ. 



අදහස් (3)

ජනපතිගෙන් වියට්නාම් ව්‍යවසායන්ට ආරාධනා

Samare Monday, 05 May 2025 05:18 PM

මේ ඉන්නේ පහුගිය අවුරුදු 75 අවතාරද කියලා හිතෙන්නේ මේවාට තමයි. පහුගිය කාලේ පිටරට ආයෝජකයින් එපා කියපු අය දැන් එන්න කියන්නේ මොනවා හරි රහ වැටිලාද?

:       1       4

de silva Monday, 05 May 2025 05:37 PM

විහිලු කතා ආයෝජකයින්ට ඉතා හිතකර වියට්නාමයේ ආයෝජනය නොකර වියට්නාම් ආයෝජකයෝ මෙහේ ඒවිද රජයේ කාර්යාලවල රස්තියාදු වෙන්න... නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලට 100% බදු ගෙවන්න... අපනයනය කරන භාණ්ඩ සඳහාත් 15% අපනයන බදු ගෙවන්න. තීරු බදු සහ අනෙක් බදු වියට්නාමයේ මට්ටමට අඩු කළොත් ඒවි. එහෙම නැතිනම් ඔවුන්ගේ මොලේ නරක් වෙන්න ඕනේ...

:       0       5

ගුණරත්න Monday, 05 May 2025 09:03 PM

ඕකත් ඉතින් ඇමරිකාව එක්ක කරපු ඒකාබද්ධ ප්‍රකාශය වගේම තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site