
(අංජුල මහික වීරරත්න)
ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ විශාලම කාර්යභාරය පැවරෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
නීතියේ විධානයේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට අධිකරණ අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙන බවද නානායක්කාර මහතා කීය.
හර්ෂණ නානායක්කාර මහතා මේ බව කීවේ 2025 නව වසරේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද (01) අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවය අමතමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති Clean Srilanka ජාතික වැඩ සටහනේ සමාරම්භක උත්සව විකාශය නැරඹීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් එක් වු අතර, Clean Srilanka පුරවැසි ප්‍රතිඥාව ප්‍රකාශ කිරීම ද මෙහිදී සිදු විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම විසිල් විතරයි, බල්ටි නැහැ. කයිය නායකයෝ කිව්වම අපි අද පිළිගත්තේ නැහැනේ...
හැබෑව, ඒත් රාජ්‍ය සේවය වෙනුවෙන් කරපු වැඩක් තමයි පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සේවකයින්ට රාජ්‍ය ද්‍රෝහීන් කියලා හංවඩු ගහලා හිරේ දාන්න දත කාපු එක. ඒකෙන් අපට තේරුණා මේ මහත්තුරුන්ගේ කෙරුවාව.
ඔව් ඇමැතිතුමා රාජ්‍ය සේවයේ ඉන්න නිකම්ම පඩිගන්න නියමිත රාජකාරියක් නැති සංවර්ධන නිලධාරීන්ගෙන් පටන්ගන්න. අතිරික්තය ඉවත් කරන්න.
අවුරුදු 76 ක් හිටපු දේශපාලුවෝ රට කෑවා කියලා තමයි බලයට ආවේ දැන් කියන්නේ ඔක්කෝම වැරැදි කරන්නේ රජයේ සේවකයෝ කියලා නේද මේ කියන්නේ ඇත්තෙන්ම පසුගිය අවුරුදු 76 ම රට කෑවේ මේ ඇමැතිවරයා කියන පිරිසම තමයි එයින් බේරෙන්න සමගි පෙරමුණ ආණ්ඩුව පැවැති කාලයේ දිසාපාලන අධිකාරිය කියලා අටමගලයක් අටවාගෙන තිබුණා. ඉන් පස්සේ දිසා ඇමැතික්‍රමය ඇතිකළා ඉන් පස්සේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු අටවාගෙන තියෙනවා. ඒවායිනුත් වැඩක් නොවෙන්නේ... සමහරක් නිලධාරි ඒවා සතයකට ගණන් ගන්නේ නැහැ. ඒවායේ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරින්ට දෙන දඬුවමකුත් නැහැ...
පෙර ආණ්ඩුවල දේශපාලන ගැත්තෝ රාජ්‍ය ආයතන වල ඉන්නකන් මේ ආණ්ඩුවේ වැඩවලට කකුලෙන් ඇදීම නතර කරන්න බැහැ. එහෙම අයව හඳුනාගෙන එක්කෝ ඒ අයව හදලා ගන්න. නැතිනම්... ගෙදර යවන්න ක්‍රමවේදයක් හදන්න.
කතාව ඇත්ත.. රාජ්‍ය සේවකයන් තමන්ගේ රාජකාරි මීට වඩා සැලකිලිමත් ලෙස ඉටු කල යුතුය .
රජයේ සේවකයාගේ චන්දේ අරගෙන දිනුවට පස්සේ, දැන් හැම තැනම බැනමින් යනවා. කැතයි හොඳේ!
"කරන්න පුළුවන් ලොකුම උදව්ව 50% සේවයෙන් ඉවත් වෙලා යන එකයි. ඔහේලාගේ පඩි පෙන්ෂන් පොදු ජනතාවට දරන්න බැහැ. ඒක නිසා කරුණාකර අයින් වෙලා යන්න."
දැන් තුට්ටු දෙකේ පඩි ගන්න රාජ්‍ය සේවකයින්ගේ ඇඟේ ගහලා බේරෙන්න යනවා! මීට ඉස්සෙල්ලා ගිය ආණ්ඩු වල වැරදි! අවුරුදු 70 ක් වැරදියට කලා අපට දීපන්, ඔන්න දුන්නා! ඉතින් 70 වැරදි ඉවරයි, ඒ කතා දැන් බෑ! අවුරුදු 20 ක ප්ලෑන් ලු! එතකොට ඊට පෙර 60 පැන්න නාකි ටික ඖෂධ නැතිව මැරෙන්න ඕනද? අදට පෙන්ශන් එකෙන් 1/3 යනවා බෙහෙත් වලට!