
(යොහාන් භාසුර)
ආණ්ඩුවට පසුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවත් නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (1) පැවසුවාය.
ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ගේ කුස්සියට දැන් බඩුමිල දැනෙන්නේ නැද්ද? එදාපාර කෑගැහැව්වේ ඕවා කියලා අද දවස ගාණ වැඩි කරනවා.
සන්දර්ශන නම් ඉතිං ආය ලොවෙත් නැහැ.
මේවා මට නම් අමාරු දේවල් නෙමෙයි ඉස්සරත් සිදුවුණා දැනුත් සිදු වෙනවා
හරිනි, දන් කතා නම් වැඩක් නෑ, වැඩ පෙන්වන්න . ඔයලා ස්ටේජ් වල කියපු දේවල් කරන්න. ලයිට් බිල 30% අඩුකරලා, ඩීසල්-පෙට්‍රෝල් වලින් රු. 160 අඩුකරලා, ෆුඩ් වලින් VAT Zero කරලා, ලොකු හොරු අල්ලලා. ඔය වැඩ ටික කරන්නකෝ ඉක්මනට. ඕකටනේ අපි චන්දෙ දුන්නේ ඔයාලට. අපි චන්දෙ දුන්නේ ගොඩක් විශ්වාස කරලා ඔයාලාව. ඔයලා අඩුගානෙ ප්ලේන්ටි කඩයක්වත් කරලා තියුණේ නෑ. ඒත් අපි චන්දෙ දුන්නා.
දැන් නම් ජනතාව ට බොරු අහලා අප්පිරිය වෙලා තියෙන්නේ. කතාව දෝලාවෙන් ගමන හොම්බෙන්
විසිලුත් නැ බයිලත් නැ