
(යොහාන් භාසුර)
ආණ්ඩුවට පසුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවත් නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (1) පැවසුවාය.
ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.



2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනතාවට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න
prase Wednesday, 01 January 2025 04:42 PM
කාන්තාවන්ගේ කුස්සියට දැන් බඩුමිල දැනෙන්නේ නැද්ද? එදාපාර කෑගැහැව්වේ ඕවා කියලා අද දවස ගාණ වැඩි කරනවා.
Harin Wednesday, 01 January 2025 08:42 PM
සන්දර්ශන නම් ඉතිං ආය ලොවෙත් නැහැ.
Bunny Preena Thursday, 02 January 2025 09:22 AM
මේවා මට නම් අමාරු දේවල් නෙමෙයි ඉස්සරත් සිදුවුණා දැනුත් සිදු වෙනවා
Kazi Shajahan Thursday, 02 January 2025 11:03 AM
හරිනි, දන් කතා නම් වැඩක් නෑ, වැඩ පෙන්වන්න . ඔයලා ස්ටේජ් වල කියපු දේවල් කරන්න. ලයිට් බිල 30% අඩුකරලා, ඩීසල්-පෙට්‍රෝල් වලින් රු. 160 අඩුකරලා, ෆුඩ් වලින් VAT Zero කරලා, ලොකු හොරු අල්ලලා. ඔය වැඩ ටික කරන්නකෝ ඉක්මනට. ඕකටනේ අපි චන්දෙ දුන්නේ ඔයාලට. අපි චන්දෙ දුන්නේ ගොඩක් විශ්වාස කරලා ඔයාලාව. ඔයලා අඩුගානෙ ප්ලේන්ටි කඩයක්වත් කරලා තියුණේ නෑ. ඒත් අපි චන්දෙ දුන්නා.
prasanna Thursday, 02 January 2025 12:38 PM
දැන් නම් ජනතාව ට බොරු අහලා අප්පිරිය වෙලා තියෙන්නේ. කතාව දෝලාවෙන් ගමන හොම්බෙන්
Janitha Thursday, 02 January 2025 03:43 PM
විසිලුත් නැ බයිලත් නැ