IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනතාවට අහිතකර එක ඉල්ලීමක් දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

ජනතාවට අහිතකර ලෙස බලපාන කිසිම ඉල්ලීමක් වත් දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පැවසීය.

" අපි රට යාන්ත්‍රීකරණය කලාට අපි යාන්ත්‍රික මිනිසුන් නොවේ.ඒක හොඳින් මතක තබාගන්න.ඒ නිසා සේවක රැකියා පිළිබඳව අප හොඳින් සංවේදී වෙනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ තවත් තෙල් ටැංකි හයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි.

"අකුරට වැඩ කරන්න ,ලෙඩ නිවාඩු ගන්න කියන්නකෝ.මෙහෙම වැඩ කරන්න බෑ. විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට කැමති  සමාගමකට යන්න පහසුකම ලබා දී තිබෙනවා.

විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන පිරිවැය ඩොලර් සත පහ දක්වා අඩු කර ගැනීම අපේ අරමුණයි. අප ඒ ඉලක්කයට වැඩ කරනවා.

විදුලි බිල තුනෙන් එකකින් අඩු කළ හැකි බවට අප තවමත් විශ්වාස කරනවා. ඒ සඳහා අපට ප්‍රභවයන් තියෙනවා. සුළඟ, සූර්ය බලය සහ ජල විදුලිය තියෙනවා.හැබැයි ප්‍රභවයෙනුත් අවභාවිතාව සිදුවුණා යැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.



අදහස් (9)

ජනතාවට අහිතකර එක ඉල්ලීමක් දෙන්නේ නෑ

මහසෙන් Wednesday, 17 September 2025 03:38 PM

මේ කාලේ අහිතකර ඉල්ලීම් ඒ කාලේ හිතකර වෙන්න ඇති නේද මහත්තයෝ...?

:       23       26

sene Wednesday, 17 September 2025 03:43 PM

කියවීම නවතා යමක් කරන්න පටන් ගන්න, තවම අනුන් කළ දේ තමන් ගේ ලෙස පුරසාරම් දෙඩීම හැර, නෑ හිස් බස්...

:       29       23

අරවින්ද මොණරවිල Wednesday, 17 September 2025 03:49 PM

ජනතාව මේ ආණ්ඩුවට තුනෙන් දෙකකට වැඩි බලයක් දුන්නේ රට හදන්න මිසක එක එක පාගර නැට්ටන් ළග නැවෙන්න ඇඹෙරෙන්න නොවෙයි. එනිසා හරි තීන්දු අරගෙන ඒවා කෙලින් ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමනි රටේ මහජනතාවගෙන් බහුතරයක් ඉන්නවා ඔබ සමග.

:       16       45

සෙනෙවිරත්න Wednesday, 17 September 2025 04:41 PM

අරවින්ද මොණරවිල, පඟරනැට්ටා ගැන කියන්න එපා. ලොක්කට හරියට තරහා යනවා. ඔයාගේ ජොබ් එකත් ගහලා යයි.

:       11       14

හිටපු ජෙප්පෙක් Wednesday, 17 September 2025 04:58 PM

ඇස් ලොකු කරලා දෙසාබාන බොරු වචනවලට දැන් මිනිස්සු රැවටෙන්නෑ ජනාධිපති සහෝදරයා. හැම කුණු ගොඩටම හෝයියා කියන සීයට තුනේ කසිකබල් ඩෝබිලා ඇරෙන්න. ඒ දවස්වල කොහොමද කීවේ? විදුලි බල මණ්ඩලේ විකුණන්න දෙන්නෑ, පුද්ගලීකරණය හොඳ නෑ. දැන් මේ කටින් ද මේක සමාගම් කීපයකට කඩන්න කතා කරන්නෙ? අතීතේ අමතක කරලා මෙයාගෙ කතාවලට හුරේ දාන්න හෝදන බලකායට ඇර වෙන කාටවත් බැහැ.

:       16       18

රනේ Wednesday, 17 September 2025 05:01 PM

අපි ඔබ සමගයි, අනුර සහෝදරයා...!

:       14       19

Don perea Wednesday, 17 September 2025 05:47 PM

ලංකාවම බොරුව සමග

:       0       0

pakeer Wednesday, 17 September 2025 06:09 PM

ලංකාවේ ඉන්න සමහර අයට වැඩ කියලා පේන්නේ හොරකම් කරන එකම විතරයි.

:       0       0

fairoos Wednesday, 17 September 2025 06:58 PM

මේ වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ලැබුණ එක ගැන සතුටුවෙන්න. ජයවේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site