IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්

(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි නායකයෙක් මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක් වන ප්‍රියන්ත ඒකනායක මහතා පත්කර තිබේ.

ක්‍රීඩා හා තරුණ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නව ජාතික ක්‍රීඩා සභාව අද (14) පත්කළේය.

ප්‍රියන්ත ඒකනායක මහතා රග්බි සහ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන අතර ඔහු නවසීලන්ත සහ වේල්ස් රග්බි සමාජ ද නියෝජනය කළ දක්‍ෂ රග්බි ක්‍රීඩකයෙකි. ඒ මහතා ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගම්වල සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.  

ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයන් ලෙස සමන්තා නානායක්කාර - කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්ය සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥ, රුක්මන් වෑකඩපොළ -  ජාත්‍යන්තර බොක්සිං සංගමයේ උපදේශක සහ ක්‍රීඩා විනිසුරු, සිදත් වෙත්තමුණි - ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක, චානක ජයමහ - ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ, රොහාන් අබේකෝන් - ශ්‍රී ලංකා  රග්බි ක්‍රීඩක, නිරෝෂන් විජේකෝන් - බැඩ්මිටන් ක්‍රීඩක, මුරාද් ස්මයිල් - ශ්‍රී ලංකා මේසපන්දු පරිපාලක,  රොෂාන් මහනාම - හිටපු ක්‍රිකට් නායක, සී. රත්නමුදලි - මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය, ශ්‍රියානි කුලවංස - ඔලිම්පික් ක්‍රීඩිකා, මලික් ජේ. ප්‍රනාන්දු - ඩිල්මා පුද්ගලික සමාගමෙහි සම සභාපති සහ ශානිත ප්‍රනාන්දු -  හිටපු රග්බි ක්‍රීඩක 



අදහස් (2)

ජාතික ක්‍රීඩා සභාවට නව සභාපතිවරයෙක්

බී අමරසිංහ Sunday, 16 February 2025 08:01 AM

පාපන්දු ක්‍රීඩා කරන අපි කළුද?

:       0       0

Chamila Fernando Sunday, 16 February 2025 01:57 PM

හොද තේරිමක් රටට වැඩ කරන්න ශක්තිය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 229 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 387 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 724 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site