IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ජීඑල් පක්ෂ 17ක නායකයන් එක්ක සාකච්ඡා

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඔහුගේ නාරාහේන්පිට කිරුළ පාරේ නිවසේදී පසුගිය 7 වැනිදා  දේශපාලන පක්ෂ 17ක පමණ නායකයන් සහ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය , වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය  සහ  ඇමෙරිකානු බදු අයකිරීම්  ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව  මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.

වර්තමාන තත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය  යුතු ආකාරය සම්බන්ධයෙන්  මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට රවුෆ් හකීම්  ජීවන් තොණ්ඩවන්  පලනි දිගම්බරම් කබීර් හෂීම්, මනෝ ගනේෂන්, ඩීවී චානක, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ   ඇතුළු   හිටපු  සහ දැනට පාර්ලිමේන්තු සිටින  මන්ත්‍රීවරු පිරිසක්   සහභාගි වූහ.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙන්ව ගිය හිටපු මැති ඇමති පිරිසක් සමග  සාකච්ඡා පැවැත්විය.



අදහස් (8)

ජීඑල් පක්ෂ 17ක නායකයන් එක්ක සාකච්ඡා

Asanga Friday, 08 August 2025 08:53 PM

තවත් දේශපාලන අපතයින් සෙට් එකක්...

:       8       44

Perera Saturday, 09 August 2025 01:58 AM

හිරේ නොයා තම ජාමෙ බේරගන්න නයි, මුගටි එක කොටයකට...

:       2       13

Chathuri Saturday, 09 August 2025 06:03 AM

දැන් මොනවා කතා කරන්නද? රටේ ප්‍රශ්න ඉවරයි. මාලිමාවට රට බාර දුන්නා. ජනතාවට සැප ලැබුනා. ගොබ්බයින්ට වැලිකඩ වුණු එක කොයිතරම් ලොකු දෙයක්ද? පැන්ෂන් නැහැ. රක්ෂණයට්ජ් ලෙල්ලටම ගියා. තව මොනවද? දැන් හොරාකපු ටිකත් නැති වෙනවා. නඩු පිට නඩු... ආණ්ඩුව පෙරළන්නද එකතුවෙන්න යන්නේ. හීනයක් පමණයි. නාකි මයිනා ආරක්ෂා කෙරුවේ. ඉස්සර පාර්ලිමේන්තු රැස්වෙලා... අපච්චිට කියනවා. අපිට සැප අඩුයි කියලා. සියළුම ඉල්ලීම් අරගෙන යනවා. ජනතාව කෑගහනවා. බිරි අලියෝ වාගේ හිටියේ. දැන් ජනතාව. ගෙදර පිටින් දමලා මොවුන්ගේ දුක කියනවා.

:       3       12

Saman Dissanayake Saturday, 09 August 2025 10:42 AM

දේශපාලනයට ඇවිත් කරපු දෙයක් නැහැ. 1994 ඉඳන් දේශපාලනයේ ඉන්නවා. ඊට පෙර හොඳ නීති පොත් ලිව්වා. ඒවා අදත් අලවි වෙනවා. මැරෙන්න කලින් තව පොත් ටිකක් ලියන්න. ඔයාට දේශපාලනය ගැලපෙන්නේ නැහැ.

:       2       13

nimal Saturday, 09 August 2025 11:54 AM

අහෝ මොක්පුර නොදුට්ටු ජී.එල්. වලපයයි ගොඩපයයි තියාගෙන දේසපාලන කුමන්ත්‍රණ කරන්න එපා. බොරැල්ලේවල වෙන්කරන වෙලාව හිතන්න. ඔයාට යන්න වෙලාව හරි.

:       0       1

Rata Perata Saturday, 09 August 2025 01:28 PM

ඇත්තටම මෙයා මැරිලත් අත අරින එකක් නෑ. රටේ යහපතට කරපු කිසිම වැඩකට ඇති වැඩක් නෑ. එහෙට මෙහෙට පැන පැන අපේ සල්ලිවලින් ජීවත් වුණා. එච්චරයි.

:       1       6

කෝරලගේ Saturday, 09 August 2025 02:35 PM

රාජපක්ෂ රෙජීමය මුළු රටම හොරාකන බව දැන දැන රාජපක්ෂලාගේ පස්ස ලෙව කකා පුළුවන් තරම් ප්‍රතිලාභ අරගෙන විදේශ ඇමැති වෙලා මුළු ලෝකේ වටේ අවුරුදු බර ගානක් සංචාරය කරලා මහජන මුදල් ප්‍රකෝටි ගණන් කාබාසිනියා ක‍ළා...

:       1       6

විපරමා Saturday, 09 August 2025 03:09 PM

චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා එහෙට මෙහෙට පැන පැන සදහටම දේසපාලනයේ වරප්‍රසාද, වරදාන භුක්ති විඳගෙන හිටපු කෙනෙක්. කිසිම වැඩකට නැති කෙනෙක්. තමුන්ගේ කෙරුවාවල් ගැන අපි මුලසිටම හොන්දාකාරවම දන්නවා ..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 621 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site