
(ඉන්දික අරුණ කුමාර)
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
ඊයේ (20) රාත්‍රි 11 ට පමණ නාඋල - පුබිබිලිය විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි සදහා යොදවා සිටි කාර්යාලීය කාර්ය සහායක වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරෝන් රත්නායක මහතාට අදාල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් සිදුකල දැනුම්දීමකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සීගිරිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු පුද්ගලයෙකු බවත්,ඔහු අද (21) දින නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවත් නාඋල පොලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd