
(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජනාධිපති ධූර අපේක්‍ෂකයන්ට සහ ඡන්දදායකයන්ට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අද (12) පැවසීය.
ජනාධිපති අපේක්‍ෂකයන් ඡන්ද සළකුණු කරන අවස්ථාව ඡායාරූප ගැනීමට සහ විඩියෝ කිරීමට අවසර ලැබුණ ද ඡන්ද දින පස්වරු 4.00 ට පෙර ඒවා පළකිරීම සහ ප්‍රචාරය කිරීම තහනම් බව ද රත්නායක මහතා කීය.
තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල වූ දේවල් බරපතල බව කී රත්නායක මහතා ඡන්ද සළකුණු අවස්ථාව ඡායාරූප ගැනීම නොව තමන් ඡන්දය දැමේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බව ද සඳහන් කළේය. මැතිවරණවලදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන ගෙන යෑමට මීට පෙර තහනමක් පනවා නොතිබුණි.
COMMENTS
ඡන්දය දාලා රැකියාවට හෝ තමන්ගේ එදිනෙදා කටයුතුවලට යන්න බලාපොරොත්තුවෙන් සිටින පොදු ප්‍රවාහන භාවිතා කරන සාමාන්‍ය ජනතාවට මේකෙන් බලවත් අසාධාරණයක් වෙනවා, තමන්ගේ ජංගම දුරකථනය ගෙදර තබා ගොස් ඡන්ද ප්‍රකාශ කරලා නැවත ගෙදරට එන්න වෙනවා. ජංගම දුරකථනය රැගෙන යන්න, අපහසු සේවා ස්ථානයට හෝ අදාල කාර්යයට යන්න. මේක ඡන්ද දායකයින් දුර්මුඛ කරන්න ඡන්ද පොළට යාම වළක්වන්න මැතිවරණ කොමිසම හිතාමතා ගත්තු තීරණයක් විය යුතුයි...
මේක හරිම අසාධාරණ තීරණයක්. මේ වැඩෙන් උදේම ඡන්දෙ දාලා වැඩට යන්න බලාගෙන එන මිනිස්සු බොහෝමයක් අපහසුතාවට පත්වෙනවා. මේ පාර ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය බැලුවාම වෙනස පෙනෙයි. බොහෝවිට තරුණ ඡන්ද බොහෝමයක් නොවැටෙන්න ඉඩ තිබෙනවා. මේ තීරණයෙන් සමස්ත ප්‍රථිපලයට බලපෑමක් වුණොත් ඒකට මැකෝ වගකිව යුතුයි. මේක හරියට එක මකුණෙක් කෑවාම මකුණෝ සේරම මරනවා වගේ වැඩක්. මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්වීමක්...!