
(ඉන්දිකා රාමනායක)
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසයි.
එහිදී ප්ලාස්ටික් පැදුරු 1400 ක් අඩංගු පාර්සල් 28 ක් සහ ඇඳ ඇතිරිලි 1400 අඩංගු පාර්සල් 14 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන්ට බෙදා දීම සඳහා ස්වර්ණපූරි. ගම්මානයේ පාළු නිවසක භාණ්ඩ තොගයක් සඟවා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (1) එම නිවස සෝදිසියට ලක් කර ඇත.
මෙම සියලු දේපළ පොලිසිය බාරයට ගෙන ඇති අතර සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ අය නම් ප්‍රසිද්ධියේ බඩු මලු බෙදලා අහුවුණා, අන්තිමේ සෑහෙන පිරිසක් ඒවා ගත්තාටත් පස්සේ දවස් 4කට පස්සේ මැතිවරණ කොමිසම නින්දෙන් අවදි වෙලා වැඩේ නැවැත්තුවා...