
මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරී කටයුතුවලට සම්බන්ධ බවට සැක කරන "හොටු කුමාර " අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ජීවත් බෝම්බයක් සහ ජංගම දුරකථන 17 ක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු සම්බන්ධව ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් මාතර උයන්වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කොට තිබේ.
එහිදී සැකකරුවකු ජංගම දුරකථන දාහතක් (17 ) ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී එම සැකකරුට අයත් බව කියන මිදිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පරීක්ෂාවට ලක් කොට තිබේ.
එහිදී සැකකරු භාවිතා කරන ලද බව කියන කාමරයේ මෙට්ටයක් යට තිබී අත් බෝම්බයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
මෙම සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචි වයස 47 පමන වන බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පව්. ජංගම ජංගම දුරකතන කඩයක් රස්සාවට කෙරුවෙ
පේනවද මේ මත් උවදුර සහ පතාලය කොයි තරම් සමාජය ග්‍රහණය කරගෙනද කියලා. මේවා සුද්ධ කරන්න සෑහෙන කාලයක් / සම්පත් යොදවන්න වෙයි . ඉවසිලිවන්තව සෑම සහයෝගයක්ම දුන්නොත්, අපේ දරුවන් මෙයින් නිදහස් කරගන්න පුළුවන්.