
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.
ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.
COMMENTS
දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතාකරන්න පුළුවන් චමරි නිසයි. එයාව ඕනම කැපකිරීමක් කරලා නතරකරගැනීම බලධාරීන් සතු වගකීමකි. එය රට වෙනුවෙන් කරන වගකීමකි.
දැන් දැන් ඔක්කොම උත්සාහ කරන්නේ පිටරටකට පැනගන්නයි. බංගලිදේසේත් මේ දේසෙට වඩා සැපයි දැන්... අපොයි නාථ අපිව අනාථ කළා... දැන් සැපද?
චමරි ඉල්ලා අස්වන කතාවට අනුව අදාල බලධාරීන් වහාම එය වැළැක්වීමට පියවර ගතයුතුයි.
මොල සිඳී ගොස් ඇත. පාලකයින් වගකිව යුතුයි.
චමරි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තීරණය කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්ෂේත්රයේ දක්ෂතා නොමැති බව ඇය දන්නා බැවිනි. ඇය දැනටමත් මීළඟ 20-20 වාරය සඳහා Melbourne stars club සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. ඇය විදේශගත වීමට ගත් තීරණයට අපි දොස් නොකියමු, ඇය ලංකාවේ රැඳී සිටියහොත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති වේ. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලාභයක් නොමැති නිසා ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් කළමනාකරණය කිරීමට හැකියාවක් නැත. ඔයාලා හැම දේම දේශපාලනේ එක්ක පටලවා ගන්න එපා, මම නවසීලන්තයේ ජීවත් වෙනවා.
ඔබ හරි චමරි,ලංකාවේ ජරාපක්ෂලා රටම විකුණන් කාලා බංකොලොත් කරලා ඉවරයි.උන් ඉතුරු පොඩ්ඩ කොමිස් ගහ ගහ විකුණන් කනවා.මුන් ඉන්නකං ලංකාවේ ක්‍රීඩා නෙමෙයි මොන මල ඉලව්වක් වත් දියුණු වෙන්නේ නැහැ.ඔබට සුභම සුභ අනාගතයක්.