IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

(නාමිණි විජේදාස)

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හාබර් ඉංජිනේරු සමාගම එල්ල කරන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

කිලෝමීටර් 35 ක දුරින් යුත් 2011 වසරේදී ආරම්භ කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 7.91 ක හිඟ මුදල ගෙවා අවසන් කරන ලෙස චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට එන්තරවාසියක් ඒවා තිබූ අතර එම හිඟ මුදල ගෙවා අවසන් කිරීම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට පසුගිය 31 වැනිදා දක්වා කාලය ලබාදී තිබිණ.

කෙසේ වෙතත්, මෙම මස මුලදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (නීති) චයිනා හාබර් ඉංජිනේරු සමාගමට ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා කිසිඳු හිඟ මුදලක් චයිනා හාබර් ඉංජිනේරු සමාගමට ගෙවීමට නොමැති බවයි.

මතුව ඇති මෙම අර්බුදකාරී තත්වය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කරනු ඇති බවත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි

sumithra wijesekara Sunday, 20 April 2025 11:35 PM

කෙසේ හෝ මාර්ග සංවර්ධනය රටට ගැලපෙන ආයුරින් ඉදිවිය යුතුය!

:       0       5

PGPThilak Monday, 21 April 2025 07:37 AM

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මහජනයාගේ පැත්ත ගත්තා නම් ඒක මහ පුදුම හතෙන් එකක්!! ඕකේ උන් කොන්ත්‍රාත්කාරයන්ට අඬ ගහලා මහජන මුදල් මංකොල්ල කන පට්ට හොරු!රට බංකොලොත් වෙන්න මාර්ග සංවර්ධන අධිකාරියත් දායක වෙලා කෙරුවාව දිගටම කරනවා! මෝඩ ආණ්ඩු උන්ව හුරතල් කරනවා!!

:       0       11

Ruwan Monday, 21 April 2025 09:08 AM

නියමයි. පච කියලා සල්ලි නොගෙව ඉන්නද හදන්නේ. චීනත් තරහ කර ගත්ත නම් හොම්බෙන් නෙමෙයි ලංකාවට යන්න වෙන්නේ. උඹලගේ මෝඩ වැඩ නිසා රටේම මිනිස්සු තමයි දුක් විඳින්නේ.

:       2       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 29 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site