
(රෝෂන් තුෂාර)
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥය කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පැවසීය.
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි පවසමින් අල්ලස් කොමිසම ගොනුකළ විමර්ශනය කැඳ වූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.
දේශපාලන හේතූන් මත පවරන මෙම පැමිණිලි සම්බන්ධයෙන් උත්තර දීමට සැකකාර පාර්ශවය සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
රක්ෂිත බන්ධනාගාර ගත චාමර සම්පත් දසනායක මහතා අද බන්ධනාගාර අධිකාරිය මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර විමර්ශන විභාගය දහවල් 12 ආරම්භ වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාව කරල තියෙන්නෙත් දේශපාලන හේතූන් මත දේශපාලන බලය අවභාවිතා කරල හින්ද දේශපාලන හේතු මත නඩුව පවරල තියෙනවනං ඒකෙත් අවුලක් නෑ.
පොදු දේපල නං ඉතිං ඒවා පරිහරණය කරන්න මාගේ සේවාදායකයාටත් අයිතියක් තියෙනවා! වහාම නිදොස්කර නිදහස් කරන්න.
තව කෑගහන්න උන් ඉන්නවාද?