(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (08) නියෝග කළාය.
රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප පහක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවටද නියෝග කළාය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවද විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසටද නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු බන්ධනාගාර අධිකාරිය මඟින් පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි කරවන ලෙසටද දන්වා සිටියාය.
සැකකරුට ඇප ලබා දුන්නද පොදු දේපළ පනත යටතේ රහස් පොලීසිය සිදු කරන විමර්ශනයක් අනුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින්
අද දින සහ ඉදිරි දින දෙකෙහි පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී කරවීමට නියෝග කරන්නැයි ජනාධීපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාල නියෝග නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන විමර්ශන ප්‍රගතිය ජුනි 17 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
චාමරගේ නඩුවකට ඇප
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 11:45 AM
ගුරා හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුව කරවා කියලා කතාවක් අපේ ගැමි වහරේ තියෙනවා. ඒක තමයි මෙයාලට උනේ. තමන්ගේ නායකයන්ව ආදර්ශයට අරගෙන කෙරුව අපරාධ වලට අද වන්දි ගෙවන්න සිද්ධ වෙලා...... තව එන්න එපා දේශපාලන පලිගැනීම් ගැන කියවන්න.
Perera Tuesday, 08 April 2025 02:58 PM
ඇප ලැබුණත් මිනිහා ඇතුලේ...
Kamal Koyrala Tuesday, 08 April 2025 05:25 PM
නියම වැඩේ