
(අංජුල මහික වීරරත්න)
ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ලංකාවේ ආර්ථික, අධ්‍යාපන,මාධ්‍ය සහ සංස්කෘතියට ඉතාමත් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේදී දෙරට අතර ආර්ථික,සංස්කෘතික, දේශපාලන,සබඳතා ගැන ඉතා වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණ බව කී විජිත හේරත් මහතා එම ද්වි පාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව අදාල අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූ බව සඳහන් කළේය.
මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වාසි රැසක් අනාගතයේදී ලබා ගන්නට හැකියාව තිබෙන බවත් චීන ආණ්ඩුවේ සහයෝගය ලංකාවට දිගටම ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා සහතික වූ බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.
අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයේ දී චීන-ලංකා දෙපාර්ශවය අතර ඉතා සුහද කතාබහක් පැවැති බව කී අමාත්‍යවරයා දෙරට සබඳතාවය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයේම එකඟතාවය පළ කළ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට යහපතක් වෙනවානම් ඒක හොඳයි.
ඔය ගිවිසුම් වල තියන දේවල් ගැන පාර්ලිමේන්තුව දැනුවත්ද?
දැන් ඉතින් මාලිමාව යනු ලොව එකම පක්ෂය යැයි සිතා එහි සරණ ගිය , වෙනත් කිසිම කෙනෙකුගේ අසහස් වලට ගරු නොකරන , අසංවර සහ අසභ්‍ය වචන භාවිතා කරන උදවිය උඩ පනීවි මෙන්න මෙයාලා වැඩ කරනවා කියලා. බැලූ බැල්මට එහෙම පෙනෙයි. නමුත් නිසි අධ්‍යනයකන් තොරව මෙවැන් දෑ කළොත් රට චීනෙ ඉදිරියේ හිර වෙනවා..අපේ ස්වෛරී භාවයට හානි වෙයි. එසේ නොවෙන්න වගබලා ගත්තේ නම් කමක් නැත. මෙපමණ කලක් නොකළ ආායා්ජන දැන් එන්නේ ඇයිදැයි බලමු.
අම්මෝ ඉතින්... මාර ලොකු වැඩ ටිකක් තමයි කරන්න යන්නේ
පලපුරුදු රනිල්ගෙන් අහලද අස්සන් කලේ…?
මිට්ටන් කට්ටන් මූ මාරම කට්ටයා. කොටා...