
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී මෙම හමුව සිදු විය.
ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු ද මීට සහභාගී වූහ.
එහිදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය විසින් ලබාගත් මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභ පැතුම් එක්කළ දූත පිරිසේ ප්‍රධානියා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ලෙස ජනතා ඡණ්දයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව සිදු කරන ලද දේශපාලන වෙනස්කම් සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සුබ පැතුම් පළ කළ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් සජ්ජවයි, කජ්ජවයි, නෑමොලයවයි ඕවාට පොඩ්ඩක් සහභාගි කරවාගන්නකෝ... පැත්තකටම දාලා තියෙන්නේ නැතිව...