IMG-LOGO

චීන ඉන්ධන හෙට සිට ගොවීන්ට නොමිලේ දෙයි

 

(අංජුල මහික වීරරත්න)

චීන රජය මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට නොමිලයේ බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් පරිදි චීන රජය විසින් ඩීසල් ලීටර් මිලියන 10.06 ක් මෙරට කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව මුහුණ දී සිටින ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින් නොමිලයේ පරිත්‍යාග කරනු ලැබීය.

එයින් කෘෂි කාර්මික කටයුතු සදහා ඩීසල් ලීටර් මිලියන 6.98ක් ලබා දුන් අතර ඉතිරි ප්‍රමාණය ධීවර කටයුතු සඳහා යෙදවීමට තීරණය කෙරිණි.

 



අදහස් (4)

චීන ඉන්ධන හෙට සිට ගොවීන්ට නොමිලේ දෙයි

sena Sunday, 08 January 2023 12:47 PM

පළාත් පාලන ඡන්දෙන් යූඑන්පී එක ගොඩ. තෙල් දුන් පියා. එහෙමත් නැතිනම් තෙල්සේන කුමාරයා...

:       2       1

Lal Sunday, 08 January 2023 07:04 PM

හොඳ වැඩක් ජනාධිපතිතුමනි...!

:       0       0

සුරංග Sunday, 08 January 2023 09:08 PM

ඉන්ධන හෙට සිට දෙනවා කියන්නෙ මෙයට පෙර ගොවීන්ට ගෙවීමට ලැබුනා කියන මුදල් බෙදාහැරීම කරලද කියලා අහන්න කැමතියි මොකද තාමත් එම මුදල් නැත්තේ ඒවා සුනාමි ආධාර වගේ වෙලාද කියලා අහන්න වෙනවා අපිට නම් තාමත් එම මුදල් ලබාදීමට කටයුතු කරල නැහැ

:       0       0

Lalla Sunday, 08 January 2023 09:15 PM

ඇයි අපි පිනට කන්නේ...? නොමිලේ දෙන කිසිම දෙයක් නෑ. අධික වන්දි ගෙවන්න සිද්ධ වෙනවා නිසැකයි. ප්‍රෞඩ ජාතියක් ලෝකය ඉදිරියේ හිඟන්නන් කළ රාජපක්ෂ පවුලට ශාප වේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site