
නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින සෙසු 14 දෙනා, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට පියවර ගෙන ඇතැයි චන්දිමාල් ජයසිංහගේ නීතීඥවරුන් 'ඩේලි මිරර්' සමඟ පවසා ඇත.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම උසාවියට අපහාස කළ බවත්, පසුගියදා 'යූ ටියුබ්' වැඩසටහනකට මුහුණු ආවරණයක් නොපැලඳ සහභාගී වී නිරෝධායන නීති කඩ කළ බවත් එම නීතීඥවරු පෙන්වා දෙති.
චමුදිත සමරවික්‍රම,අධිකරණය විවේචනය කළ බවත් අධිකරණයට අපහාස කළ බවත්, ඔහු මුහුණු ආවරණයක් නොමැතිව යූ ටියුබ් වැඩසටහනකට සහභාගී වීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බවත්, චමුදිත සමරවික්‍රමට ද නීතිය සමාන විය යුතු බවත් චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි දෙදෙනාගේ නීතීඥවරුන් පෙන්වා දී තිබේ.
නීතීඥවරු කොටුව පොලිසියට සහ රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.ඊට අමතරව, ඒ බව ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාවෙත ලිඛිතව දන්වා යැවූ බව ද පැවැසෙයි.
ජමිලා හුසේන් ඩේලි මිරර්
COMMENTS
හා හා ඔහොම ගියොත් ජනාධිපතිතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා උසාවියයි, සූම් තාක්ෂණයයි භාවිතා කර ජාත්‍යන්තර මිටින් තිබ්බට මුහුණු ආවරණ නැතිව...
මෝඩ මිනිස්සු ඉන්න රටක්..
පුදුම විදිහට මේ කේස් එකට කඩේ යන්නේ...!!!
හොඳටම පිස්සු තදවෙලා..!!
හරිනම් පුනුරුප්තපනය කරන්න ඕන ළමයි මේ.
අඩේ වැඩේ අල වෙන්න වගේ යන්නේ
චමුදිතට පින්සිද්දවෙන්න මේ හොර රැල අල්ලා ගත්තා. ඔහු කොහෙවත් අධිකරණයට අපහාස කරලා නැහැ. හැබැයි ඉතින් ගොරකා දඩමස් කරන හොර පෙරකදෝරුවන්ටත් හොර නඩුකාරයින්ටත් ඕනදෙයක් කරන්න බලය තියෙන කාලයක් මේක. ප්‍රවේශමෙන්, වෙන ආණ්ඩුවක් බලයට ආවොත් නඩු කාරයාටත් දෙවියන්ගේම පිහිටයි. එයාටත් කූඩුවක් වෙන්කරලා තියන්න.
මම චමුදිතට සහාය දෙන්නේ නැහැ. ඒත් මේ දෙන්නා ඉල්ලන් කන්නයි යන්නේ. මේ නෝනා යූ ටියුබ් හරහා චමුදිතට කළ අපහාසෙට වන්දි ඉල්ලුවොත් රෙද්ද ගැලවිලා තමයි නවතින්නේ...!!!
එතකොට මේ නෝනා අර බස් එක ඇතුලේ ඉන්දියන් වට්ටි අම්මා වගේ කෑගහනකොට ඔය කියන මුඛ ආවරණය තිබුණේ කොහේද මන්දා..?
මේ දෙන්නා උඩ පනිනවා වැඩියි. මෙයාලා කියන විදියට නිවුස් කියන්නත් ඕන මාස්ක් දාගෙන. (චමුදිතගේ වැඩේ ගැන මම දන්නේ නැහැ) වැරදි කරලා උඩ පනින එක වැරදියි. මෙයාලා නිවැරදි කරුවන් නොවෙයි.
යුක්තිය, නීතිය, නීතිය ඉදිරියේ සමානාත්මතාවය... මේවා තුට්ටුවකටවත් මායිම් නොකළේ මේ දෙන්නා නේද?
මේ ප්‍රශ්නයේදී ජන සන්නිවේදකයෙකු ලෙස මා අදහස් දක්වනුයේ මධ්‍යස්ථ මතයක සිටයි. පියුමිගේ ඇතැම් හැසිරීම් ගැන අපටද ගැටළු තිබේ. එහෙත් එය ඇයගේ නිරූපණ වෘත්තිය හා සම්බන්ධ දේය. නීතිය ඉදිරියේ පියුමි මෙන්ම අන් අයටද සමාන අයිතිවාසිකම් ඇත. කිසියම් පරිපාලන ක්‍රියාවක් නිසා හෝ ආයතනයක් හෝ රජයක් හෝ පුද්ගලයෙකු ඒවා උල්ලංඝනය කළහොත්, හානිය වූ අංශවලට අධිකරණයේ පිහිට පැතිය හැකිය. චන්දිමාල් හා පියුමිගේ නීතිවේදීන්ට මේ පියවර ගැනීමට අවශ්‍ය නීතිමය පසුබිම අනෙක් පාර්ශවයෙන් සාදා දුන්නාදැයි නොදනිමු. ඒ කෙසේද යත්, ඔවුන්ට අධිකරණයෙන් නීතිය ක්‍රියාත්මක කොට තිබියදී, ඊට පරිබාහිරව කවුරුන් හෝ නීතියට පටහැණි දේ සිදුකළ බව ඔවුන් ඔප්පුකල යුතුව ඇත. ඒ වගේම, තම ප්‍රතිවාදියා අධිකරණයට අපහාස කිරීම හා නිරෝධායන නීති උල්ලංඝනය කළ බව පැහැදිලිව ඔප්පු කළ යුතුය. නාටාමියා, මාළුකාරයා යන අපහාස වදන් ඇති වීඩියෝව ඇයට විශාල අවාසියක් ගෙනදිය හැකි බවත්, පැවසිය යුතුව ඇත. කෙසේ වෙතත්, කාගේ කාගෙත් හුණු කිල්ලෝටවල හුණු ටිකක් හෝ තිබිය හැකි බැවින්, මේවා සාමයෙන් බේරාගැනීම අගනේය...
කවුරු නැත්තන් ඇමැතිතුමා උදව්වක් කරයි.
ඉවරයක් නෑ කුස්සියේ වලිය. ප්‍රකටත්වය තියෙන්නේ අර කළු අය සුදුවෙන්න දඟලන ආධුනික අතරමං වූ නළු නිළි ව්‍යර්තකයින් අතරේ විතරයි. කවුද මෙවැනි අශීලලෙස අන්තර්ජාලයේ වැජඹෙන්න උත්සාහකරන අයෙක්ට මෝස්‌තර නිරුපිකාවක් කියන්නේ? මෙම වචනයේ තේරුම දන්නවද? නිකන් මාධ්‍යයේ මෙවැන්න වටා රොක්ව සිටිනා පාඨකයින් සහ මෙහි පරිශීලකයින්ට මේ වේබ අඩවියේ තත්ත්වය පහතට දමා එපා නොකරන ලෙස ඉල්ලමු...
චමුදිත දැන් බයවෙයි... නේද? අනේ මේ වගේ අය ඉන්නවද තවත්...?
මගේ පුංචි රෝස මලේ... මමයි නුඹේ වියපත් බඹරා...
මේවා ගැන කතා කරල වැඩක් නැ
ඔහොම ඇදගෙන යමු තව සති දෙක තුනක් පුලුවන්
අපි පියුමිට, පියුමි අපට...
14 අවසන් වි එළියට ආව ගමන් චමුදිත අනිවාර්යයෙන් නඩු දානවා. නඩු දාන්න තරම් පියුමි ඔහුට අපහාස කළා. මේක නම් නීතිය නැමීමට සූදානම් වීමක් විය හැකියි. දමුදිතගේ ඩියුටිය හරියටම හරි... මොකද ඔහු මීඩියා නිසා ඇත්ත රටට හෙළි කළා..
නැවේ ගින්න නිව්වේ හංසමාලි...!!!