IMG-LOGO

චන්ද්‍රා ශාෆ්ටර් පියා දිනේෂ් පුතා අමතයි

මාගේ බාල පුතු, දිනේෂ්ගේ මරණය පිළිබඳවත්, ඔහුගේ කුරිරු ඝාතනයට හේතුව පිළිබඳවත් මාගේ මිතුරන්, මා දන්නා-හඳුනන උදවිය මෙන්ම මා පෞද්ගලිකව නොදන්නා පිරිස් ද බොහෝ දෙනෙක් මාගෙන් කරුණු විමසමින් සිටිති.

මාගේ බාල පුතුගේ අභාවය සිදු වූ 2022 දෙසැම්බර් මස 15වැනිදා ඔහු ප.ව. 4.00 ට ඔහුගේ පවුලේ සාමාජිකයින් ද සමග එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානමින් සිටි නිසා ඔහුට සුබපැතීම සඳහා මම ඔහු මුණගැසීමට ගියෙමි. ඔහු තම දරුවන් එක්සත් රාජධානියේ පාසලකට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබුණේය. මෙය නිවාඩුවක් ගතකිරීමේ අරමුණින් සැලසුම් කළ ගමනක් නොවේ. එහි අරමුණ වූයේ, පදිංචි බලපත්‍රය (^Residence Permit& ) මත ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා එක්සත් රාජධානියේ පදිංචි බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමය.

ඔහු සිටියේ ඉතාම සතුටිනි. අප මුණගැසෙන සෑම අවස්ථාවකදී මෙන් එදින ද ඔහුත් ඔහුගේ බිරිඳත් මාත් ඉස්තෝප්පුවේ අසුන්ගෙන පැයකට ආසන්න කාලයක් උසුළු-විසුළු කරමින්, සිනහ වෙමින් කාලය ගත කළෙමු. මා පිටත් වූයේ දහවල් 12 ට පමණය. තමාට ඉතාම කෙටි හමුවක් ඇති බව ඔහු පැවසූ අතර, එය පවසන මොහොතේ ඔහුගේ කිසිම වෙනසක්වත්, සැකයක්වත්, කැළඹුණු බවක්වත් තිබුණේ නැත.

ඔහු එදින මා සමග කාලය ගත කළ ආකාරය අනුව, ඔහු කිසිදු අනතුරක් සිදු වේ යයි බලාපොරොත්තු වූ බවක් පෙනෙන්නට නොතිබූ බව මට සහතිකව කීමට පුළුවන. ඒ නිසා, එතැනින් පසුව සිදු වූ සිදුවීම අපට සිතා ගැනීමටවත් නොහැකිය. ඔහුට මරණය උරුමකර දුන් බියගුලු උපක්‍රමයක් ගැන ඔහුට කිසිම අදහසක් හෝ නොතිබූ බව මම දනිමි.

මෙය කියවන ඔබ මගේ පුතු පෞද්ගලිකව හඳුනන්නේ නැති වන්නට පුළුවන. ඒ නිසා, ඔහු ඉතාම මෘදු ගති ඇති කරුණාබර පුද්ගලයකු බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. තම පවුලටත්, හිතවතුන්ටත් ඉතාම ළෙන්ගතුව කටයුතු කළ ඔහු මිනිසුන් සමග ඇතිකර ගන්නා සම්බන්ධතා ඉතාම ඉහළින් අගය කළ තැනැත්තෙකි. වසර ගණනක පටන් ඔහු අපගේ පවුලේ සෑම සාමාජිකයකුගේ ම යහපත වගේම, අප සියල්ලන්ගේ ම සතුට පිළිබඳව ද පෞද්ගලිකව සොයා බැලූ බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. ඕනෑම අයෙකුගේ ගැටලුවක් කලින් ම හඳුනා ගැනීමේ විරළ හැකියාවක් තිබූ ඔහු, ඔහුට හැකි සෑම අයුරකින් ම ඔවුන්ට උපකාර කිරීමට දෙවරක් කල්පනා කළේ නැත.

කෙතරම් කාර්යබහුල පුද්ගලයකු වුවත් ඔහු, ඕනෑම අයෙකු වෙනුවෙන් තම කාලය වෙන් කිරීමට ඉදිරිපත් වූයේය. ඉතාම ආදරණීය සැමියකු මෙන්ම සෙනෙහෙබර පියෙකු වූ ඔහු ඔහුගේ මුළු ජීවිතයත්, කාලයත් ගත කළේ තම පවුල වටාය. විවෘතව තම අදහස් ප්‍රකාශ කළ ඔහු, තම දරුවන්ටත්, නෑදෑ දරුවන්ටත් අපරිමිත ආදරයක් සහ සෙනෙහසක් පෑවේය. පවුලේ සියලු දෙනා එක්කර ගනිමින් කාලය ගත කිරීමට දිනේෂ් නිතර කටයුතු කළේය. එමෙන්ම, විශේෂ අවස්ථා සැමරීම සඳහා පවුලේ සියලු දෙනා වෙනුවෙන් තනිවම උත්සව සහ හමු සංවිධාන කිරීමට ද ඔහු ක්‍රියා කළේය. දිනේෂ් යනු අපගේ පවුලේ හදවත වූ බැවින් ඔහුගේ වියෝවෙන් අපි අතරමං වී සිටිමු.

දිනේෂ් අනෙකා කෙරෙහි විශ්වාසය තැබූ අයෙකි. එම නිසාම ඔහු ඇසුරු කළ අය ද ඔහු කෙරෙහි විශ්වාසය තැබුවෝය. තමන් නොහඳුනන අයට ද පුදුමාකාර කරුණාවක් දැක්වූ අයෙකු ලෙස ඔහු කා අතරත් ජනප්‍රියය. ඒ කෙතරම් ද යත්, වර්ෂාවට හසුවී අපහසුතාවට පත්වන ඕනෑම කෙනෙකුට ලබාදීම සඳහා ඔහු තම රථයේ කුඩ කිහිපයක් ද නිතර තබාගෙන සිටියේය. අරගල සමයේදී, කඳුළු ගෑස් ප්‍රහාරවලින් බේරීම සඳහා දිව යන අරගලකරුවන් 200 කට අධික පිරිසකට රැකවරණය ලබා දීමට දිනේෂ් කොළඹ 07 පිහිටි තම නිවසේ ගේට්ටු නොපැකිලිව විවර කළේය. ඔහු අවසන් වරට යොමු කළ එක්තරා කෙටි පණිවිඩයක මෙසේ සටහන් වී තිබිණ. “ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සේවය කරන අය ජීවත් වෙන්නේ අබලන් වුණු මුල්ලක. ඒ තැන යම්කිසි තත්ත්වයකට ගෙන එන්න අපට මොනවද කරන්න පුළුවන් කියලා බලන්න ඕන.” ඔහු සමාජ සේවා කටයුතු රැසකට ද තම නොමසුරු දායකත්වය ලබා දුන් අයෙකි. උසාවි කටයුතුවලදී නීතිඥ සහය ලබා ගැනීමට නොහැකි උදවිය වෙනුවෙන් ඔහු නීති සහය ලබා දීමට ඉදිරිපත් වූයේය. එමෙන්ම, සුළු දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරගත වී සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට ද කටයුතු කළේය. දිනේෂ් එවැනි දරුවෙකි. තම පවුලටත්, ආගන්තුකයින්ටත් එක සේ නොමසුරුව උපකාර කළ සහ සෙනෙහස පෑ මිනිසෙකි.

සරල දිවිපෙවෙතක් ගත කළ ඔහු නිතර ම ලා නිල් පැහැති අත් කොට කමිසයෙන් සහ හම් සෙරෙප්පු යුවළ පැළඳ සිටිනු දැකගත හැකි විය. ඔහු පුහු ආටෝප සහ විධිමත් ඇඳුම්-පැළඳුම්වලට ප්‍රිය නොකළ තැනැත්තෙකි. ටයි පටියක් පැළඳීමට කිසිසේත් කැමැත්තක් නොදැක්වූ ඔහු සපත්තු පැළඳුවේ විධිමත් උත්සව අවස්ථා ආදිය සඳහා පමණි.

කීර්තිය සහ ප්‍රසිද්ධියට ප්‍රිය නොකළ ඔහුට කැපීපෙනෙන්නට උවමනාවක් තිබුණේ නැත. ඔහුගේ මරණය හේතුවෙන් ඔහුට මේ වන විට ලැබී ඇති ප්‍රසිද්ධිය දන්නේ නම් ඔහු ‘වලෙන් නැගී සිටිනු’ නොඅනුමානය.

මෘදු ගති පැවතුම් ඇති මානව හිතවාදී මිනිසෙකු වූ මාගේ බාල පුතු, ඔහු ඇසුරු කළ පිරිස් තුළ ඇතිකර තිබෙන බලපෑම කෙතරම්ද කියා අපට දැනෙන්නේ ඔහු වෙනුවෙන් තවමත් ගලා එන කෘතවේදී සටහන් නිසාය.

මාගේ බාල පුතු ජීවත් වූ ආකාරය පිළිබඳ ආඩම්බර වනවා හැර පියෙකු ලෙස මා වෙන කුමක් නම් කියන්නද? කලින් ම ඔහුගෙන් ජීවිතය සොරාගෙන ඇතත්, ඔහු ඉතිරිකර ගිය ධනාත්මක බලපෑම තවත් වසර ගණනාවක් පුරා මතකයේ රැඳෙනු ඇති බව මම දනිමි.

මේ, දිනේෂ්ගේ මරණය සහ දිනේෂ් නමැති මිනිසා පිළිබඳ කරුණු කිහිපයකි.

මෙය මේ වන විට විමර්ශනයට ලක්වන සිද්ධියක් නිසා, කුරිරු ඝාතනයට ලක්ව සිටින යහපත් පුතෙකුගේ සහ මානව හිතවාදියෙකුගේ කීර්ති නාමයට හානි කරන අසත්‍ය ප්‍රකාශ පිළිගැනීමෙන් සහ උපකල්පනවලට එළඹීමෙන් වැළකී සිටින ලෙස මම පියෙකු ලෙස මාධ්‍ය ආයතනවලින් සහ මහජනතාවගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි.

චන්ද්‍රා ශාෆ්ටර්



අදහස් (9)

චන්ද්‍රා ශාෆ්ටර් පියා දිනේෂ් පුතා අමතයි

Rata Perata Tuesday, 07 February 2023 12:54 PM

එළිපිට මෙවැනි මරණ සිදුකර සිටීමට තරම් දුර්වල ජනතා ආරක්ෂාවක් ඇතිකිරීම ගැන දේශපාලුවන් ලජ්ජා විය යුතුයි .අපේ රටේ කවදාවත් දූරදර්ශී නායකයෝ හිටියේ නෑ .ඔක්කොම නිකන් සෝබන වැඩ කරන කාලකන්නි ටිකක් විතරයි

:       6       55

පැරකුම්Tuesday, 07 February 2023 01:52 PM

යථාර්ථය මේ බව දැන දැනත් ඒවා නිවරදි කිරීමේ මාර්ග හදුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම සිදුනොවීමට හේතු කවරේද? දූෂිත දේශපාලුවන් පමනක් නොව මන්ද බුද්ධික ඡන්ද දායකයින්ද ඊට වගවියයුතුය.

:       2       35

DexTuesday, 07 February 2023 02:21 PM

දේශපාලනඥයන් පමණක් නොව නීති පද්ධතිය දූෂිත පොලිසියට ද දොස් පැවරිය යුතුය. මේ රටේ ජීවත් වෙන්න බයයි

:       0       23

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 07 February 2023 02:44 PM

අකාලයේ ඝාතනයට ලක්වූ තම පුතු ගැන පියෙකු මෙසේ චරිත සහතිකයක් නිකුත් කිරීමට තරම් මියගිය ශාප්ටර් මහතා කෙතරම් හොඳ කෙනෙකු වන්නට ඇතිද කියා සිතෙනවා.තවත් ප්‍රමාද නොකොට එතුමාගේ ඝාතකයන් සොයන්නට වගකිවයුතු අංශ කටයුතු කළ යුතුය.

:       2       41

විකුම් Tuesday, 07 February 2023 03:06 PM

තම දරුවකුගේ අභාවය පිළිබඳව ජීවත්ව සිටින පියෙකුට ඇති ශෝකය කොපමනද කියා සිතා ගන්න බැහැ. දිනේශ් මහතාගේ ආත්මය සමාදානයේ සැතපේවා !

:       1       22

පාදඩයන් සුන්නත් දූලි වේවා! Tuesday, 07 February 2023 04:42 PM

ලංකාවේ දේශපාලකයන්ගේ පසුපස දිව ගොස් මේසයෙන් වැටෙන කෑම අහුලාගන කන පන්නයේ නූගත් බාල තක්කඩින් ඔහුගේ බිරිය ගැන කී දෙය අසා වැදගත් කාන්තාවක් ලෙස ඇතිවූයේ කෝපයකි. මේ වගේ පහත් පන්නයේ පාදඩ ගණයේ එවුන් උන්ගේ තත්වයෙන් සැවොම මනිති. මේ පවුලේ අයව මා හදුනන්නේ නැතත් මෙවන් කාලකන්නින් ඔවුන්ගේ පහත් ගණයේ ලෝකය හා සංසන්දනය කරමින් තමා යමක් දුටුවා සේ මෙම මහතාගේ ආදර බිරිදව හුවා දක්වන්නේ මේ කාලකන්නීන්ම අපරාධය කළ නිසාද? මෙම ආදරණීය පවුල සහ බිරිද ගැන සැමියාගේ පියා මෙලෙස කියන විට පාදඩයන්ට කවර කථාද? මේ රටේ පාදඩයන්ට කිසිම තැනක් නොදිය යුතුය. එය ශීලාචාර සමාජයක මිනිසුන්ගේ වගකීමය. මෙවන් දුකක් කිසිම පවුලකට නොම වේවා. පාදඩයන් සුන්නත් දූලි වෙවා!

:       0       4

fairoos Tuesday, 07 February 2023 05:10 PM

මේක දේශපාලන කුමන්ත්‍රණයක් නම් මේවා හොයනවා බොරු .තාජුදීන් සහ ලසන්තලාගේ කේස් වගේ කවදාවත් විසඳෙන්නේ නැහැ

:       0       3

sampath Wednesday, 08 February 2023 10:20 PM

කුමන හේතුවක් තිබුනත් දෙමාපියන්ගේ කර මතින් දරුවකුගේ මල කඳක් රැගෙන යෑමට සිදුවීම අභාග්‍යකි .දරුවන්ගේ කරපිටින් යෑමට දෙමාපියන්ට එය කිසිසේත් දරාගත නිහකිවනු නොඅනුමානය .කිසිඳු පියෙකුට මවකට මෙවැනි දෙයක් සිදු නොවීමට වග බලා ගැනීම සමස්ත සමාජයේම වගකීමකි

:       0       3

Shama Friday, 10 February 2023 03:43 PM

ශාෆ්ටර් මහතාගේ මරණය ගැන ඉතා කණගාටු වන අතර ලාංකිකයෙක් වශයෙන් ලැජ්ජාවට පත්වෙනවා. ඔහුව දැකලාවත් නැති මා, ඔහු වටිනා යහපත් පුද්ගලයෙක් බව ඔහුගේ අභාවයෙන් පසුව දැනගතිමි. ලාංකිකයෙක් වශයෙන් මට ඇති ප්‍රශ්නය නම් කවුරුන් හෝ ශාෆ්ටර් මහතා කවර හෝ ලාභයක් තකා මරණයට පත්කළද, එම මරනය මිනිමැරුමක් නොව සිය දිවි හානි කිරිමක් බව පෙන්විමට තැත්දරන ව්‍යාජ අමන නිලධාරීන් කොපමණ මේ රට තුළ ජීවත්වෙනවාද යන්නයි. මේ රටතුළ මෙවැනි වටිනා මිනිසුන් කොපමණ මෑත කාලයකදී නැතිවී ගියේද? ඒවා සොයා බැලිමට පවතින දූෂිත පාලකයින්ගෙන් හෝ නිලධාරින්ගෙන් කිසිම සහායක් ලැබුණේ නැත. මේ සියල්ලටම සම්බන්ධ දූෂිත බලකාමීන්ට හා නිලධාරින්ද මරණය නියතයි. එපමණක් නොව ඔවුන්ට කටු ඔටුන්නද හිමිය... අද මුදලට, නිලයට, බලයට යටවන බහුතරයට ස්වභාව ධර්මය අමතකයි... එන විපාක මුදලට, නිලයට හො බලයට නැවැත්විය නොහැක. මුට්ටියේ ඉන්න කකුලුවන් මෙන් නටන ඔවුන්ට ප්‍රතිඵල වැඩි ඇතක නොවේ. ශාෆ්ටර් මහතාටද ඔහුගේ පවුලේ අයටද සාධාරනය ලැබේවා කියා පතමි!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 340 0

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 265 0

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 329 1

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1383 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 641 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 413 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1375 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1591 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site