IMG-LOGO

චැංජි -5 යානය සඳ මතට ගොඩ බසී

චීනය විසින් යවන ලද චැංජි -5 යානය සාර්ථකව සඳ මත ගොඩබස්වා තිබේ.සඳෙන් පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24 වනදා යානය චීනයේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලදී.

සඳේ ඕෂනස් ප්‍රොසෙලරම් නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ගිනි කඳු සංකීර්ණයක් වෙත ගමන් කිරීම යානයේ ඉලක්කය විය.ඉදිරි දින කිහිපයේදී යානය සඳේ වටපිටාව පරීක්ෂා කර මතුපිට ද්‍රව්‍ය එක්රැස්කරනු ඇතැයි චීන බලධාරීහු පවසති.

ඒ සඳහා පහසුකම් සැපයීමට යානයේ කැමරාවක්, වර්ණාවලීක්ෂයක්, රේඩාර් උපකරණ, සවලක් සහ විදුම් යන්ත්‍රයක් වැනි උපකරණ ගනනාවක් තිබේ.එහිදී යානය මගින් චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් 02ක පමණ ප්‍රමාණයක් පෘථිවියට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව පැවසේ.

මෙයට වසර 44කට පෙර අවසන් වරට සඳෙන් පස් රැගෙන පැමිණි මෙහෙයුමේදී ගෙන එන ලද්දේ පස් ග්‍රෑම් 200කටත් අඩු ප්‍රමාණයක් බවත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පස් සාම්පල මෙමගින් ලැබෙනු ඇති බවත් විද්‍යාඥයෝ බලාපොරොත්තු තබා තිබේ.

මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධව ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා හි ඉහළ නිලධාරීන් චීනයට සුභ පැතුම් එක්කර ඇත.

යානය සඳ මන ගොඩබැස්වීම චීන රූපවාහිනී මගින් සජීවීව ප්‍රචාරය නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී යානයේ කොටසක සෙවනැල්ල සඳමතට වැටෙන ආකාරයේ ඡායාරූපයක් පමණක් පෙන්වූ බව සඳහන් වේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (6)

චැංජි -5 යානය සඳ මතට ගොඩ බසී

sachith Wednesday, 02 December 2020 03:55 AM

අපිටත් ඉදිරියේදී මේ ව්‍යාපෘතිය අපේ රටේ ව්‍යාපෘතියක් කියන්න ලැබෙනවා නේද.?

:       3       8

Ruhunu Wednesday, 02 December 2020 03:56 AM

චීන වැඩ ගැනනම් එච්චර විස්වාසයක් තියන්න බැහැ.

:       5       10

kooralage Wednesday, 02 December 2020 06:23 AM

චීන්නු ගැන ඇත්ත කිව්වේ ට්‍රම්ප් විතරයි. කොහොමහරි ඒකත් මේ ගොල්ලෝ පරද්දවා ගත්තා. මේ ගොල්ලෝ හරි අමාරු කාරයෝ...

:       2       5

සත්‍යය Wednesday, 02 December 2020 07:57 AM

වසර 44 ට පෙරත් හඳෙන් පස් ගෙනාවෙ චීනෙද? ඒකත් දැනගන්න පාඨකයො කැමතිවෙයි.

:       1       1

PradeepWednesday, 02 December 2020 12:05 PM

මෙය චීනයේ පළමු සඳ ගමනයි. මීට පෙර සඳෙන් පස් සාම්පල ලබාගෙන ඇත්තේ රුසියාව සහ ඇමරිකාව පමණයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 02 December 2020 12:33 PM

"චීනගේ 'චැන්ජී' යානය සඳ මත බැසලා... චීනා උඩ යන්නේ ලෝකයෙ ඇස් වසලා ... කවියක් ලියනු කෙලෙසක සඳ උන් නසලා ... සැකයක් නොමැත උන් කෝවිඩ් එහි වවලා ... "

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site