
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය මාත්‍යාංශය 2023 වර්ෂයේදී භාණ්ඩාගාර ලේකම්වරයාගේ චක්‍රලේඛයට පටහැනිව අතිකාල හා අනිවාර්ය දින වැටුප් සඳහා රුපියල් කෝටි 3823කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
අධිකාල හානිවාඩු දින වැටුප් වෙනුවෙන් වැය කර තිබුණු මුළු මුදල වැටුපිරිවැයෙන් සියයට 72 ක් බවද එම වාර්තාවේ දැක්වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් හා ආයතන සඳහා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැය කර ස්ථාපනය කර තිබූ ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රීයව පැවැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම යන්ත්‍ර ක්‍රියාත්මක නොවන්නේ නම් වර්තමාන වැටුපට අනුව අධිකාල දීමනා නොගැවීමට භාණ්ඩාගාර ලේකම්වරයා 201 2017 ජුලි මස පළවෙනිදා සිට අතිකාල දීමනා නොගෙවන ලෙස උපදෙස් දී තිබියදී ඊට පටහැනිව වර්තමාන වැටුප පදනම් කරගෙන 2023 වර්ෂයේ දී මෙලෙස අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවා තිබූ බව වාර්තාව සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව තිරසර සංවර්ධන දර්ශක තිස් එකක් හඳුනාගෙන තිබුණු අතර ඉන් දර්ශක දහතුනක් සඳහා 2023 වර්ෂයට අදාල ප්‍රගතිය වාර්තා කර නොතිබූ බව පවසන එම වාර්තාව ප්‍රගතිය වාර්තා කරන ලද දර්ශක දොළහකට අදාළ දර්ශක වල අවශ්‍ය කාර්ය සාධන මට්ටම කරා ළඟා වී නොතිබූ බවද සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන ධනය නාස්තිකරමින් ඕවා විගණනය කරන්න ඕන නෑ, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනත් නෑ, වැරදි වලට විසඳුම් දෙන්න ඕනත් නෑ. අපිට හාල්, පොල්, බිත්තර ටික අඩුවට දියල්ලා. රටට කොපමණ කෙලවුනත්, අපිට ඒ ඇති.
මෙහෙමනේ. ඇඟිලි සළකුණු යන්ත්‍ර බලන්නෙ නැතිව අතිකාල දීමනා ගෙවන්න එපා කියලා චක්‍රලේකයේ කිව්වාට, වෛද්‍යවරු ඇඟිලි සලකුණු ක්‍රමයට එරෙහියි. එයාලා තියන්නෙ නැතිව අනික් කාර්ය මණ්ඩලවලට දාන්න ගියාම එයාලා කියන්නෙ දානවා නම් හැමෝටම දාන්න කියලා. එතකොට කවුරුවත් ඇඟිලි සලකුණු තියන්නේ නෑ. එහෙම වුනා කියලා අතිකාල ගෙවන්නෙ නැතිව හිටියොත් රෝහල් වහන්න වෙනවා.
රාජ්‍ය සේවයේ සේවක අතිරික්තයක් තියෙනවලු, ඒ අතිරික්තයක් තියෙන අමාත්‍යාංශ අතරින් එකක්ලු සෞඛ්‍ය අමාත්‍යාංශය. එහෙව් අමාත්‍යාංශයේ රුපියල් කෝටි 3823 අතිකාල සේවයේ යෙදුනේ සමහර විට රෝගින් වෙන්න බැරිද ?
හොරු අල්ලනවා කියනවා අල්ලන හොරෙකුත් නෑ... මේවාත් හොරකම් තමා මේ විගණන වාර්තා පාඩම් කරගෙන කෝ වැරදිකරුවන්ට දඬුවම් දීමක් අග සිට මුලට ම මේ රටේ හොරකම් වංචා සටන් පාට විතරයි මේවා නිවැරදි කරන්න කවුරුත් නැති පාටයි
"මොන විදියේ උසස් තැනතුරු දැරුවත් නැතත් කිසිම විනයක් නැති , නීති ගරුක නොවන, වංක පුද්ගලයන් සිටින ස්ථානයක මෙවැනි දේවල් සිදුීම අරුමයක් නොවේ. මෙවැනි බරපතළ දේවල් සමබන්ධව දැන ගැනීම කණගාටුවකට කරුණකි
ගොඩක් දොස්තරලා අතිකාල සේවයේ යෙදුණත් නැතත් අතිකාල දීමනා ලබනවා . මේ ගැන හරි හමන් විමර්ශනයක් කලොත් සත්‍යය පෙනේවි .
බස් මට්ටු කරනවා වගේ මේකත් මට්ටු කරන්න. මම දන්න විදියට ඕකෙ සැමට වැඩ කලත් නොකලත් අතිකාල මුදල් ලැබෙනවා..ඇඟිලි යන්ත්‍ර නැවත ස්ථාපිත කරල ආයතනයේ විනය හදන්න.
Bunny කියන විදියටම බැලුවොත් මොනවිදියේ උසස් තනතුරු දැරුවත් තමන් සේවයට බැදෙන අවස්ථාවේ ලැබෙන පත්වීම් ලිපියේ තියෙන කොන්දේසි වලට එකගවෙලා අත්සන් කරල තමයි රාජකාරියේ යෙදෙන්නෙ.එම පත්වීම් ලිපියේ තියෙනවා ආයතන සංග්‍රහයේ හා මුදල් රෙගුලාසි වලටත් ඒවා සංශෝධනය කරමින් නිකුත්කරන චක්‍රලේඛ වලටත් අනුගතව සේවය කරනවා කියල .ඔය අතරේ චක්‍රලේඛයක් නිකුත්කර තිබුනා එම චක්‍රලේඛ උල්ලංඝනය කිරීමත් විනයානුකූලව දඩුවම් කරන්න හේතුවක් වෙනවා කියල.නමුත් සමහරක් ආයතනවල සිටින ලොකු ලොකු තනතුරු දරණ උතුමන්ලා තමන්ගේ පත්වීම් ලිපියේ කොන්දේසිවත් නොදන්නා බව පේනවා නැත්නම් .නැත්නම් චක්‍රලේඛක උල්ලංඝනය කර අතිකාල දීමනා අනුමත කරන්න පුලුවන් කමක් නැහැ කොහොම වුනත් විගණනය මගින් අනාවරණය කෙරෙන වැරදි විමර්ශනය කරන්න ආයතනයක් නොමැතිවීම අඩුපාඩුවක් වෙනවා.ක්ලීන් ශ්‍රීලංකා යටතේ වර්තමානයේ ජරාජීර්ණව ඇති රාජ්‍ය සේවය ක්ලීන් කරන්න එවැනි ආයතනයක් පිහිටුවන්න පුලුවන් නම් ඉතාමත් හොදයි
පුදුමාකාර හොර වැඩ නේ මේවා අප්පා.
මෙව්වා අපිත් කාලයක් තිස්සේ දැක්ක. වෘත්තිය සමිති වල හයියේ තරමට තමයි වාසි ගන්නේ. ඒව පැත්තකට කොරල හැමෝටම සාදාරන ජාතික පොරතිපත්තියකට වැඩ කොලොත් කාටවත් හයිය පෙන්නල දීමනා ගන්ඩ ඕනැ වෙන්නෙ නැතුව.
මෙන්න ක්ලින් ශ්‍රි ලංකා වැඩ සටහනට අයිති වෙන්න ඕන වැඩක්. බස් වල සැරසිලි ගලවන එකට වැඩිය ප්‍රයෝජනවත් අත්‍යවශ්‍ය කාරණයක් මේක. මුලු සෞඛ්ය ක්ෂේත්‍රයේම තියෙන ප්‍රශ්න අක්‍රමිකතා රැසක් හරිගස්සන්න තිබෙනවා. වර්තමාන ඇමති වරයා එතරම් පන ඇති බවක් පෙනෙන්නට නැහැ. සරත් ෆොන්සේකා මහතා වැනි දැඩි කෙනෙක් අවශ්‍යයි. F.M. සරත් ෆොන්සේකා මහතාව බැරිද අමාත්‍යයශ ලේකම් තනතුරකට පත් කරන්න.