
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඝාතන සඳහා යතුරු පැදි සැපයූ එගොඩ උයන පොල් කට්ටා සහ තවත් පුද්ගලයෙකු ව්‍යාජ අංක තහඩු ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික සහ හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සමග ව්‍යාජ අංක තහඩු හයක් , ව්‍යාජ ආදායම් බලපත්‍ර තුනක් , ව්‍යාජ රක්ෂණ සහතික තුනක්, ජංගම දුරකථනයක් හා යතුරුපැදියක්ද හා හොරයින් මත්කුඩුගෑම් 15 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා වෙත ලද තොරතුරකටට අනුව මොරටුව ශාන්ත රීටා පාරේදී අත්අඩංගුවට ගත් එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7 කාලයකට රැඳීම් නියෝග ලබාගෙන සිදු කළ දීර්ඝ විමර්ශනවලදී විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන තරංග නමැත්තාගේ උපදෙස් මත විවිධ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන කටුකුරුන්ද ප්‍රදේශයේ සිටින තවත් පුද්ගලයකුගේ සහයෝගය ඇතිව ව්‍යාජ අංක තහඩු සවිකර ලබා දෙන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
815
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2461
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1771
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඝාතන සඳහා යතුරුපැදි සැපයූ දෙන්නෙක් අල්ලයි