IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති

(යොහාන් භාසුර)

වී කිලෝවක් සඳහා රුපියල් 130ත් 140ත් අතර ‘සහතික’ මිලක් ලැබිය යුතු යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අද (20) පැවසීය.

වී පොහොර බෑගයකට යන තේ වන වියදම ලෙස රුපියල් 116.93 ක මිලක් ඉදිරිපත් කර ඇති බවත් එම රුපියල් 116.93 ට ලාභය ලෙස සියයට 25 ක්  එකතු කළ විට රුපියල් 146.10 ක මිලක් ලැබුණු බවත් ඒ මහතා කීය.

එම මිලෙන් රුපියල් 6.10 ක් ද අඩු කර වී කිලෝවක් සඳහා රුපියල් 140 ක සහතික මිලක් ලැබිය යුතු බව කියන අනුරාධ තෙන්නකෝන් මහතා වී කිලොවක් සඳහා රුපියල් 130 ත් 140 ත් අතර පරායක සාධාරණ සහතික මිලක් දියයුතු බව ද සඳහන් කළේය.



අදහස් (8)

ගොවීහූ වී කිලෝවකට රුපියල් 140ක් ඉල්ලති

Left voter Monday, 20 January 2025 10:04 PM

වී වලට සහතික මිල 140 දීලා මහජනතාවට බත් කන්න වෙන්නේ හාල් කිලෝ එක කීයකට අරගෙන? ඇමතිතුමා මුන්ට බයවෙන්න එපා, සාධාරණ මිලක් නියම කරන්න

:       8       15

sudaaTuesday, 21 January 2025 09:52 AM

පසුගිය අවුරුදු 5 ඇතුලත බඩුමිල වැඩිඋනා වගේම මිනිස්සුන්ගේ ආදායමත් වැඩි උනා . රජයේ සේවකයාගේ පටන් තේදළු කඩන කම්කරුවා දක්වාම ආදායම් වැඩි උනා . ඉතින් වී ගොවියාට විතරක් ඇයි මේ අසාදාරණේ ? ඒ මනුස්සයට පෙර පැවති මිලටම අනෙකුත් බඩු ලැබෙනවානම් වී වලට අර පෙර පැවති මිලම දෙන්න . නැත්නම් ඒ මිනිස්සුන්ගේ ළමයි කන්නේ පොල් මුල්ද ?

:       1       6

Lalla Tuesday, 21 January 2025 08:49 AM

එහෙම නම් වී ගොවිතැනට විතරක්ම දෙන පොහොර සහනාධාරය කියන කසිප්පු දීමනාව නවත්තන්න ඕන නේද?

:       1       5

සිල්වා Tuesday, 21 January 2025 09:34 AM

වී සහතික මිල 125/= කලත් සහල් සිල්ලර මිල 260/= වඩා ඉහල යෑම වැළැක්වීමට නොහැකිය.

:       2       6

පම්පෝරි ජනක Tuesday, 21 January 2025 10:49 AM

අනුර විපක්ෂයෙන් ඉඳන් කයිය ගහ ගහ හිටිය නේද අපි ආණ්ඩුවක් ගත්තු දවසට රජයෙන් වී මෝල් පටන් අරන් අඩු මිලට හාල් දෙනවා කියල ? දැන් ඔන්න දුන්නු කාලේ හොඳටම ඇති

:       2       6

ගුනපාල Tuesday, 21 January 2025 11:13 AM

අද නිෂ්පාදන මිල ගණන් අනුව වී කිලෝ එකක් හදන්න රුපියල් 140 ක් වැය වෙනවා නම් ගොවීන්ගේ ඉල්ලීම සාධාරනයි. හාල් කිලෝවක් හදන්න වී කිලෝ එක හමාරක් යනවා නම් වී මිල විතරක් රුපියල් 200 ක් වේ. ප්‍රවාහන, මොල් වියදම් හා අනෙකුත් විය්දම රුපියල් 20 ක් තිබ්බත්හාල් කිලෝව රුපියල් 220ට 225 ට දෙන්න පුලුවන්. ගොවිතැන පාඩුයි කියල ගොවියො වගා නොකලොත් ‍රට හාල්ම කන්න වෙයි. වැටුප් වැඩි කරනවා වාගේ වී මිලත් කලින් කලට වැඩි කල්‍යුතුයි. පාරිඹ්හෝගිකයා රකින්න හාල් මිල අඩුකරනවා නම් අනිවාර්‍ය යෙන්ම් නිශ්පාදන ඵලදාව වැඩි කරන්න වෙනවා. ඒක තමයි කලයුත්තේ.

:       1       6

Abid Tuesday, 21 January 2025 11:48 AM

"හාල් මොල් තියෙනවාද? ඉතිරුවරක් කරලා පහුගියකාලේ හිටපු දේශපාලුවන් ටික සහ දූෂිත රාජයේ නිලධාරීන් එකතුවෙලා හොඳට කරලා තියෙන්නේ .කළා හොඳටම ඇති කියන්නේ ඔයා සුපර් මෑන් ෆිල්ම් එක බලලාද තීරණය කලේ

:       2       3

සිල්වා Tuesday, 21 January 2025 03:12 PM

ගුණපාල මහත්මයා, ඔබතුමාගේ ගණනය කිරීම නැවත පරීක්‍ෂා කරලා බලන්න. එහි දෝෂයක් තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1080 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 417 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site