IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ගූගල් සිතියම සැමියා මැරුවයි බිරිඳගෙන් ගූගල් සමාගමට නඩු

(විමුක්ති එස් රුද්‍රිගු)

ගූගල් සිතියම ආධාරයෙන් රිය ධාවනය කළ පුද්ගලයෙකු ගමන් ගත් මාර්ගයේ තිබූ කඩා වැටුණු පාලමකින් රිය සමඟ පහළට වැටී මරණයට පත් වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව නඩු දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු ගමන් ගත් මාර්ගයේ තිබූ පාලම කඩා වැටී අවුරුදු 5 ක කාලයක් ගත වී ඇතත් ගූගල් සමාගම තම සිතියමේ එය යාවත්කලීන කර නොමැති බවත් ගූගල් සමාගමේ නොසැලකිල්ල පිලිප් පැක්සන් ගේ මරණයට හේතු වූ බවත් පවසමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු වූ පිලිප් පැක්සන් පසුගිය සැප්තැම්බරයේ මෙම අනතුරට මුහුණ දී ඇති බවත් ඔහු දෙදරු පියෙකු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.ඔහුගේ දියණියගේ උපන්දිනය දා නැවතත් නිවසට පැමිණීම සඳහා නොදන්නා මාර්ගයක පැමිණ ඇති බවත් එහිදී ආරක්ෂිතව නිවසට පැමිණීම සඳහා ගූගල් සිතියම භාවිත කර ඇති බවත් ඔහුගේ බිරිඳ පවසා ඇත.එම අවස්ථාවේ කඩා වැටුණු පාලම උඩින් ධාවනය කරන ලෙස ගූගල් සිතියම පෙන්වා ඇතැයි පැක්සන්ගේ බිරිඳ ගූගල් සමාගමට එරෙහිව චෝදනා ගොනු කරමින් ප්‍රකාශ කර තිබේ. 



අදහස් (10)

ගූගල් සිතියම සැමියා මැරුවයි බිරිඳගෙන් ගූගල් සමාගමට නඩු

Bunny Preena Friday, 22 September 2023 04:38 PM

ලංකාවෙත් මාර් ග සම්බන්දවත් ගූගල් සමාගම යාවත්කාලීන නොකකරපු පාරවල්/ස්ථාන තියෙනවා.

:       0       0

සුන්දරා Friday, 22 September 2023 05:41 PM

මේක කළයුතුම දෙයක් කියන්න පුළුවන්... දවසක් අපිත් දන්නා හඳුනන කෙනෙකුගේ මංගල අවස්ථාව සඳහා අපි නොදන්නා පාරක ගියා.. එම ස්ථානය ප්‍රධාන පාර අයිනේම තිබුණත් අපිට ගූගල් පෙන්නුවේ එම හෝටලයට පෙර අතුරු පාරක් තමයි. අපි එහි කෙළවරට ගියාම තිබුණේ කැලෑවක් වගේ ගමක්. එහි මිනිස්සු එම හෝටලය ගැන කිසිවක් දන්නේ නැහැ. අපි අතරමං වෙලා බොහෝ වේලාවක් ඇවිද්දා...

:       2       20

චන්දන Friday, 22 September 2023 09:39 PM

මේ කතාව ඇත්ත... මටත් අත්දැකීමක් තියෙනවා. බණ්ඩාරවෙල නගරයට ගිහිල්ලා එහිසිට ලිප්ටන් සීට් යන්න ගූගල් මැප් එක දැම්මා. හරවන්න කියලා කියපු පාරේ මෝටර් බයිසිකලයක්වත් යන්න බැරි පටු එකක්. තවත් දවසක හලාවත පැත්තේ හෝටලයකට යන්න ගියා.. වෙනත් පාරක ගිහිල්ලා කලපුවකින් නතර වුණා. වට පිටාවෙන් අහලා තමා හොයා ගත්තේ...!

:       2       9

නුවනේතතා Friday, 22 September 2023 09:43 PM

යකෝ උඹ හරකෙක්ද? නිකන් දෙන සර්විස් එකකට නඩු දාන්න කියන්නේ? ගාස්තුවක් ගෙව්වේ නැත්නම් එතැන වලංගු ගිවිසුමක් නෑ කියලා... හරක් මොලේට තේරෙන්නේ නැද්ද?

:       24       3

චමාSaturday, 23 September 2023 12:48 AM

Gsm වලට ගෙවන්නේ නිකන්ද...? data වලට ගෙවන මුදලින් කොටසක් google එකටත් ගෙවෙනවා කියලා ටිකිරි මොලේට නොතේරෙන එකයි දුක...

:       0       0

නිහාල් Saturday, 23 September 2023 10:00 AM

සමහර ගවයින්ට අදහසක් ප්‍රකාශ කරන හැටිවත් තේරෙන්නේ නැතුව නීති උපදෙස් දෙන්න යනවා. නඩු දාන්න ඇත්තේ මීට වඩා විධිමත් නීති පද්ධතියක් තියන රටකනේ. ඒ නීතිඥවරු මෙහෙ වගේ කාක්කන් නෙවෙයිනේ. ඉතින් අපි නොදන්න දෙයක් ඒක ඇතුලේ ඇති. ඒක නොහිතෙන්නේ අපි හරක් නිසා.

:       0       10

Chaminda Saturday, 23 September 2023 02:32 PM

නොමිලේ දෙන service එක වුණත් වගකීමක් ඇති ප්‍රසිද්ධ ආයතනයක් විසින් නිවැරැදිව දීම ඔවුන්ගේ කාර්යභාරයක්...!

:       0       3

නුවනැත්තා Saturday, 23 September 2023 03:08 AM

නිකන් සර්විස් එක අරගෙන නඩු දන්නනත් හදනවා. කොච්චර වුණත් බල්ලන්ට මිනිසුන්ට වඩා කෙලෙහිගුණ තියෙනවා.

:       0       1

Chaminda Saturday, 23 September 2023 11:00 AM

අනිවාර්යෙන්ම නඩු දැමිය යුතුයි. ගූගල් පිස්සු කෙලිනවා. කිසිම අප්ඩේට් එකක් නැහැ. සාමාන්‍යයෙන් ගූගල් මැප් එක පාවිච්චි කරන්නේ නොදන්නා මගක යාමටයි. එය පෙන්නන්න දිසාව වැරදි වුවහොත් රියදුරා අමාරුවේ වැටෙනවා.

:       0       4

Piyal Perera Saturday, 23 September 2023 05:01 PM

හිතන්න එපා මෙම සේවාව නොමිලේ ලැබෙන්නක් කියා. අප විසින් මෙම යෙදවුම භාවිතා කරන සෑම මෙහොතකදීම ඒ සඳහා අපගේ දුරකථනයේ ඩේටා අඩුවන අතර එසේ ඩේටා හරහා අය කෙරෙන මුදලින් කොටසක් ගූගල් සමාගමට බැර කෙරේ. මේ සම්බන්ධයෙන් දැනුම ගූගල් සෙවුම මගින් ලබා ගත හැකිය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 514 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site