
(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා සිංගප්පූරු සමාගම ගිවිසුමකට අත්සන් කළේය.
මේ සදහා අවශ්‍ය මූලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව සපයනු ලබන අතර , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරනු ලබයි .
දැනට කටුනායක ගුවන් තොටුපොළ තුළ දිනකට ගුවන් මගීන් 19,000 ක් පමණ සංසරණය වන අතර , එය කොරෝනා වසංගතයට පෙර 28,000 ක තරම් ඉහළ අගයක පැවතුණි .
මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියරේ දී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රීය ආගමන විගමන පිවිසුම් කවුළු ( E - Gates ) දෙකක් ස්ථාපිත කරන අතර , ඉන් මාස 08 කට පසුව පැමිණීමේ පර්යන්තයේත් එවැනි කවුළු 02 ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ.
ලෝකයේ බොහෝ රටවල ගුවන් තොටුපොළ තුළ මෙවැනි ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සදහා සිංගප්පූරුවේ " තාලස් ඩිස් " සමාගම විසින් නිෂ්පාදිත මෘදුකාංග භාවිතා කෙරේ .
2025 නොවැම්බර් මස 21
51
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
156
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
Asitha Sunday, 11 June 2023 01:56 PM
ඉතාමත් හොඳ පියවරක්. මං වැඩකරන රටේ මේ ක්‍රමය පටන් අරගෙන අවුරුදු 08ක් වෙනවා. ආගමන විගමන පෝලිමේ ඉන්න වෙන කාලය පැයකින් පමණ අඩුකරගන්න පුළුවන්...