
(අංජුල මහික වීරරත්න)
ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් කොතරම් පම්පෝරි ගැසුවත් කාන්තා නියෝජනයකට ඉඩ නොදීම දැඩි කනගාටුවට කරුණක් බව ළමා සහ කාන්තා කටයුතු ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
පාර්ලිමේන්තුවේ දී පවා උජාරුවෙන් පක්ෂ නායකයින් කාන්තාවනට නිසි තැන, සම තැන දිය යුතු යැයි කතා කළ ද පාර්ලිමේන්තුවේද 6%ට අඩු කාන්තා නියෝජනයක් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේය .
රටක කාන්තා අයිතිවාසිකම් පිළිබදව සියලු පක්ෂ නායකයින් මීට වඩා උනන්දු විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරිය මෙවර ද කාන්තා නියෝජනයක් නොමැති ජනපති ධූර අපේක්ෂක ලයිස්තුව හබලක් නැති ඔරුවක් වැනි යැයිද කීවාය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔයාට ඉල්ලන්නයි තිබ්බේ .. නාම යෝජනා දෙන්න කලින් එපැයි කැගහන්න
මෙයාට පිස්සු ද අනේ? කාන්තාවන් එන්නේ නැත්නම් මොකද බලෙන් ඇදලා අරන්. දේශපාලනයට දාන්නද...?
ඉතින් ඔබේ නායකයා වෙනුවට කාන්තාවක් දාන්න කිව්වේ නැත්තේ මොකද? දැන් නිකන් පම්පෝරි ගහනවා...
ඉතින් දෙයියන්ගේ නාමෙන් ඔයාට දැන්වත් තේරෙන්නේ නැද්ද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු කරන්නෙම බොරුව කියලා.
ඉතිං ඉල්ලන්නකෝ ජනාධිපති කමට...!
ඡන්දෙ ළංවෙනකොට තමයි ඔය කාන්තා අයිතීන් මතක් වෙන්නේ මේ ගොල්ලන්ට... එතකන් සද්දෙ නැහැ...
එයා හිටියයි කියලත් ලංකාවට වෙච්චි කෙන් ගෙඩියක් තියෙනවද?
පිස්සු ද කොහේද? ජනාධිපතිනියක් වෙන්න ඕනෑ නම් ඉල්ලන්නනේ තිබ්බේ! ඔය චන්ද්‍රිකා ජනාධිපති වෙලා හිටියේ...!
ඉතින් මෙයාට ඇප තියලා අපේක්ෂිකාවක් වෙන්න තිබුණානේ...!
කේන්ති නම් කරන්න තිබුණේ තමුන් ඡන්දයකට ඉදිරිපත් වීම. කවුරුත් එපා කියන්නෙත් නෑ. අනිත් එක මොනවා හෝ දෙයක් කරපු බවට පොඩ්ඩක් හරි පෙන්නන්න පුළුවන් විදිහට ඇමැතිකමත් කරා වගේම තමුන්ට ව්‍යාපාර කළමනාකරණය ගැන අත්දැකීමුත් තියෙනවා. කොහේවත් ඉන්න ජනාධිපති කෙනෙක් සවිමත් කරන්න කියලා ගිහින් ඊට පස්සේ දැන් කාන්තා නියෝජනයක් නෑ කියලා බැන්නාට ඇති වැඩක් නෑ...
ඔරුව නැති හබල නෙමේද?
පුරුෂයින්ට කාන්තා නායකත්වයක් අවශ්‍ය නම් එහි තේරුම පුරුෂයින්ට නිවැරැදිව සිතීමේ බුද්ධියක් නැති බවයි...!
සුදුසුම කාන්තා නියෝජනය තමුන් කියලා හිතාගෙන ඉන්න නිසා... හිතට අමාරු ඇති...
ඉතිං අනේ ගීතා ඔයාවත් ඉදිරිපත්වෙලා ඒ අඩුව පුරවන්න තිබුණා නේද?
කාන්තා නියෝජනයක් නැති එකේ මෙයාටත් ඉල්ලන්න තිබ්බේ මහත්තයාගේ ඡන්දෙ හරි ලැබෙනවනේ...!
ඉතින් සියළු කාන්තා නියෝජනයක් වෙනුවෙන් ඔබතුමියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න තිබුණා නොවැ...! අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වහනවා. දේශපාලනයේදීත් කරන්නේ ඔය ටිකමයි...!
පුපුරු ගගහ ඉන්න වෙලේ ගිහින් නාම යෝජනා දුන්නාම් ඉවරයි නේ?
අයියෝ ගීත නගා රුපියල් 75000යි නේ. ඇයි ඉතින් ආවේ නැත්තේ... ආච්චි අම්මාට අර ආදාහනයේදී වගේ බැනලා දෙන්නෙක්වත් නැතිවද යෝජනා ස්තිර කරන්ට. අපරාදේ ආවා නම් සටනට උඩින්ම යනවා පස්ස ගේට්ටුවත් පහුකරගෙන... !
ඉතින් මොකෝ චන්දෙට ඉල්ලුවේ නැත්තේ .කාන්තාවෝ පෝලිමේ ඇවිල්ලා ඔහෙට චන්දෙ දෙන හැටි බලන්න තිබුනා නේ
අනුන්ට බැන බැන ඉන්නෙ නැතුවතමන් ඉල්ලුවා නම් ඉවරනේ
කාන්තාවන් බලෙන් අල්ලලා ලැයිස්තුවට දාන්න ද. තමුන්ට ඉල්ලන්න තිබුණ නෙ. නිකං බොරුවට කයිවාරු ගහන්න එපා. ඡන්දෙ ට ඉදිරිපත් වෙලා.. ඡන්ද අරගෙන හැකියාව පෙන්වන්න . බලෙන් ගෙනිහින් පාර්ලිමේන්තුවේ වාඩි කරන සිරිතක් නැහැ .
මෝඩ ගීතාට වැටහුනේ නැතිවුනාට ලංකාවේ ඉන්න අනිත් කාන්තාවෝ සියලුදෙනාම දන්නවා , තරගේ තිබෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙක් අතරේ පමණක් බව , නිකන් චන්දෙ ඉල්ලලා කාලෙත් මුදලුත් විනාශ කරගන්න ඔවුන් කැමති නැතුව ඇති ,
විකාර දොඩවනවා... මුන්ව සබේට යවපු උන්ට ගහන්න ඕනෑ
හොඳට රඟපානවා
ගීතා රඟපානවා වගේ නෙවෙයි, කාන්තාවක් දේශපාලනයට යනවා කියන්නේ, ඒක ලොකු කැපකිරීමක්...
මගේ ආසම නිළිය ගීතා. ගීතාට ඉතාලි ලුක් එකක් ඉස්සර තිබුණා. හොලිවුඩ් වුණත් රඟපාන්න තිබුණු නිළිය ගීතා කියලයි මම හිතන්නේ. පවු, එයා හුඟක් වයසට ගිහිල්ලා. දුකයි දැක්කාම... වෙන නම් මුකුත් කියන්න නැහැ.
පිරිමින්ට දොස් කියන්න එපා. තව අවුරුදු මිලියන ගණනකට පසුව පිරිමින් මෙලොවෙන් වඳවෙලා ගියාම තනිකරම කාන්තා නියෝජනය විතරයි. ඉතුරු වෙන්නේ. එතකම් ඉවසලා ඉන්න...