IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයට  පාඩුවක් සිදු  කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  එම සමාගමේ  හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු  ලබන පහළොව දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා  ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය.

2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම තුළින් ඇමරිකානු ඩොලර් 4512  රජයට පාඩුවක් කිරීම,එම වසරේම ජනවාරි 26 දින මාල දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන්  මගීන් 75 දෙනෙකු යූ එල් 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකන් ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම  හා 2014 දෙසැම්බර් 19 දින කටුනායක 18 කණුව පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1250000.00 මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන්මෙම විමර්ශනය සිදු කෙරේ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (1)

ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රුවන් Tuesday, 01 July 2025 04:02 PM

අපේ නෑයෝ නම් මෙහෙම උදව් කරන්නේ නෑ අපේ හාමුදුරුවනේ..., එහෙනම් අද අපි ඉන්නේ ඇමරිකාවේ...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site