
(සුජිත් හේවාජුලිගේ)
මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ.
කිසිදු නැවකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කළ නොහැකි යැයි වාර්තාවේ දැක්වෙන බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
එසේම ඒවායේ අලු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව පැවසූ මන්ත්‍රීවරයා එම බාල ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැතැයිද චෝදනා කළේය.
ඒ පිළිබඳව සිහිකැඳවමින් ඊමේල් පණිවිඩ පමණක් යවා ඇති හෙයින් වහාම දඩ මුදල් අය කරන්නැයි නිර්දේශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
මතබේදාත්මක ගල්අඟුරු නැව් නවය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විශේෂ වාර්තාවක් යට ජල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට බාරදී ඇත.
අඩු ගුණාත්මක ගල් අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීමෙන් සිදුවූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් සහ උපායමාර්ගයක සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මහජන උපයෝගීතා කොමිසමට මීට පෙර උපදෙස් දී තිබිණ. මේ අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර වලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයෝ පසුගියදා අනතුරු ඇඟවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂගේ එක අවුරුද්දක විදේශ සංචාර වියදමට වඩා ටිකක් වැඩියිනේ මේ පාඩුව. වහාම පියවරක් ගන්න!
ඕක මරික්කාර් කියපු නිසා හරිම ගාන ඕකද කියලා ෂුවර් නැහැ.
අපි නොදන්න හේවාජුලිගේ කම නැතුව වේලෙනවා ඒ කාලේ පොහොට්ටුවට දෙනකොට හරි සැප
මරික් 'කාර්' ද කිව්වේ. එහෙනං හරි වෙන්ඩෑ
පාඩුව සහ සිපිරිගෙය නිලධාරීන්ට බැරකරන්න. අනේ අපේ හුන්ඩුවේ ජනාධිපති ඕවාට පලි නෑ.
දැන් චම්පික එක ගානක්, සජිත් තව ගානක්, නෝමල් වෙන ගානක් , මරික්කාර් බැංකුවට සල්ලි දාලත් ඉවරයි, එකවුන්ට් නොම්මරේ ඇහුවම ඒකට යකා වැහෙනව. මේවගෙ දේවල් ගැන දැන ගත්තෙත් මේ ආන්ඩුව ආවට පස්සෙ, හැබැයි ඒ කාලෙ ගල් අගුරු සැපයුවෙ රාජපක්ෂලගෙ යාලුවො, හරියට ටෙන්ඩර්වත් නැතිව. මේ රජය නියම විදියට ගල් අගුරු ගෙනාවෙ , දැන් කොමිසමකුත් පත්කරල , මරික්කාරුත් එතන ඉන්නව.
මේ ආණ්ඩුව හරි පණ්ඩිතයි, උන් කැමති නැහැ වුනු අතපසු වීම් පිළිගන්න කලින් උන් කොහොමත් ගසා කෑවනේ, උන් දන්නවා කොහෙද කෙලවෙන්නේ කියල මේ ගල් අඟුරු ගෙන්නපු නිලධාරීන් ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ. උන් ෂුවර් එකටම දන්නවා බාල ගල් අඟුරු ආවට පස්සේ තමයි අහුවෙන්නේ කියල සහ එතකොට ඉස්තාලය වැහුවට වැඩක් නැහැ කියල. ආණ්ඩුව මොන ආකාරයෙන් system එකට , ටෙන්ඩර් කරලා ගෙන්නුවත් වැඩක් නැහැ ටෙන්ඩර් condition ඇතුලෙම පත හිලක් තියල තියෙනවා නම් ,ඒ හිල තියන්න පුළුවන් මේ ගැන technically දන්නා මෙච්චර කල් ගල් අඟුරු ගෙන්වල පළපුරුද්ද තියෙන coal ltd එකේ technical ටීම් එකට