
(යොහාන් භාසුර)
ගල් අගුරු වංචාව සහ වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් වාහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් ජනාධිපති විමර්ශන කොමිසම් හරහා අපරාධ වැසීමේ උපක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවත් එක්සත් ජනරජ පෙරරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (20) පැවසීය.
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (20) එසේ පැවසීය.
කන්ටේනර් 323 ක් පිටකිරීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සීඅයිඩීය නිර්දේශ දුන්න ද එය ක්‍රියාත්මක නොවූ බවත් පොලිසිය අපරාධ යටපත් කරන තත්වයකට පතත්ව ඇති බවත් ඒ මහතා පැවසීය. ලෝක වෙළෙඳෙපොලේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑමට මුවාවී ඉන්ධන ජාවාරම් ක්‍රියාත්මක වන්නේ යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් අධික ලාභ ගැනීමේ අරමුණින් එම ජාවාරම කරන්නේ යැයි එම පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකාව ඩොලර් 286 කට තෙල් බැරලයක් මිලදී ගත්තේ යැයි එච්.එස්.බී.සී. බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හෙළිකිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තෙල් ජාවාරම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවදානය යොමු වූ බව කී පාඨලි චම්පික රණවක මහතා මෙවැනි අධික මිලකට ඉන්ධන මිල ඉහළ ගියාට පසුව කිසිම රටක් ඉන්ධන මිලදීගැනීමට ක්‍රියා නොකරන බව ද සඳහන් කළේය.
ලෝක තෙල් වෙළෙඳපොලේ මිල උච්චාවචනය ඉතා සීග්‍රයෙන් වීම නිසා ඕනෑම රටක් තෙල් මිලදීගැනීම අත්හිටුවන බවත් අනුර කුමාර දිසානායක ආණ්ඩුව සමාගමකට නැව් තොග 5 ක ටෙන්ඩරයක් ඩීසල් ආනයනයට දුන් බවත් ඔහු කීය.
එම ටෙන්ඩරයේදී බැරලයකට ඩොලර් 3.8 ක මිලක් ලැබුණු අතර එම නැව් තොග 5 න් තොග දෙකක් ලැබුණු බව කී රණවක මහතා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්වීම නිසා තෙවැනි ඩීසල් තොගය නොලැබුණු බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd