
(වසන්ත චන්ද්‍රපාල සහ අමදෝරු අමරජිව)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකළපුවේ පුරා විද්‍යා ස්ථානවල සවිකළ පුරාවිද්‍යා ස්ථාන පෙන්වන නාමපුවරු ගැලවූ බව කියන වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනකු රුපියල් ලක්ෂ පහබැගින් වූ ශරීර ඇප මත මුදාහරින්නැයි වාලච්චේන මහේස්ත්‍රාත් එම්.අයි.අහමඩ් රතීෆ් මහතා නියෝග කළේය.
නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතාගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ වාලච්චේන ප්‍රාදේශිය සභා සභාපති සුන්දර ලිංගම් සුදාකරන්, උප සභාපතිනිය කුලන්දවේල් පද්මනිදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී ආනන්දන් සිවරාසා , සිදම්බරන් පිල්ලේ ෂන්මුගනාදන් යන සිව් දෙනා එසේ මුදාහරිනු ලැබීය.
මඩකලපුව, වාලච්චේන, කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මඟින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට හැඟවෙන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ පැමිනිල්ලක් අනුව වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාකරන් ඇතුලු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබුණි.
වාලච්චේන පොලිසිය මගින් ඊයේ 24 සවස එක් පුද්ගලයකු අත් අඩංගුවට ගත් අතර ඔහු අද වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී අත් අඩංගුවට ගැනිමට සිටි හිටපු පාර්ලිටමේන්තු මන්ත්‍රි සහ නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා මාර්ගයෙන් අධිකරනයට බාර විය.
දෙපාර්ශවය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා දෙපාර්මේන්තුව පුවරු සවි කිරිමේදි පළාත් පාලන ආයතන දැනුවත් කරන ලෙසත් ගලවන ලද නාමපුවරු දෙපාර්ශවය සාකච්ඡා කර දෙසැම්බර් මස 15 වෙනි දින වනවිට සවි කරන ලෙසත් නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ ප්‍රගිතිය දැක්වෙන වාර්තාවක් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැන්වීය.
2025 නොවැම්බර් මස 21
118
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
198
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1062
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගැලවූ පුරා විද්‍යා පුවරු සකච්ඡාකර සවිකරන්නැයි නියෝගයක්