
(රෝෂන් තුෂාර)
ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි එකහමාරකට අධික මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි බන්ධනාගාරගත ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(16) නියෝග කළේය.
මාස අටක් වැනි කෙටි කාලයක් තුළදී ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින්ගෙන්,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්,පොලිසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ එකසිය හතලිහක මුදලක් බැංකු ගිණුම් තුනක බැර කරවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කළ සතිෂ් රාජන් හියාරේ ගමගේ සැකකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මුදල් විසුද්ධි කරන පනත යටතේ අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාල්ලේ හිටපු එස් එස් පී යළි රිමාන්ඩ්