(අංජුල මහික වීරරත්න)
ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ සහභාගීත්වයෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ගාල්ල ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් දැනට ජල පාරිභෝගිකයින් 28,000 කට පමණ සේවාව ලබා දෙන අතර, ප්‍රමාණවත් ජල සැපයුමක් නොමැති වීම හේතුවෙන් නව සැපයුම් ලබා දීම අත්හිටුවා ඇත.
නව ජල සැපයුම් ලබා ගැනීම සඳහා අයැදුම්කරුවන් 5,400 ක් පමණ මේ වන විට පොරොත්තු ලේඛනගතව සිටී. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා අලුතින් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් බිලියන 40.5 ක පමණ අරමුදල් සලසා ගැනීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ රජයට මේ අවස්ථාවේදී හැකියාවක් නොමැති බව රජය කියයි.
එබැවින්, දැනට 45% ක මට්ටමේ පවතින ආදායම් නොලබන ජල පාරිභෝජන මට්ටම 15%ක් දක්වා අඩු කරගෙන, ඒ අනුව ඉතිරි වන ජලය පොරොත්තු ලේඛනයේ සිටින අයදුම්කරුවන්ට ලබා දීමට හැකි වන පරිදි පුද්ගලික අංශයේ සහභාගීත්වය යටතේ කාර්ය සාධනය පදනම් කර ගත් කොන්ත්‍රාත්තුවක් හරහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යෝජනා කර ඇත.
යෝජිත නියමු ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපදේශක සේවාව සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.28 ක ප්‍රදානයක් ලබා දීමට ද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල
යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො
කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගාල්ලට වතුර දෙන්න ආසියා සංවර්ධන බැංකුවේ කැමැත්ත
සාලිය Friday, 21 February 2025 07:22 AM
Service Duct එකක් ඇතුලේ පයිප්ප දැම්මා නම් nrw අඩු කරන්න පුලුවන්. ජපානේ එහෙම අවුරුදු සීයකට ප්ලෑන් කරලා ඕවා හදන්නේ.