
(එච්.එම්.ධර්මපාල )
ගල්කිස්ස වෙරළපාර අසලදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවද කියයි.
ඔහුට මෙම කොන්ත්‍රාත්තුව බඩෝවිට අසංග නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සැන්ඩෝ යන ජාවාරම් කරු හරහා රුපියල් ලක්ෂ දහයකට පොරොන්දුවක් මත ලබා දී ඇත.
සැකකරු ඉන් රුපියල් ලක්ෂ පහක් මූලිකව ලබාගත් බවට ඔහු ප්‍රකාශ ලබා දී ඇතැයිද පොලීසිය කියයි.
සිද්ධිය වූ දින ත්‍රීරෝද රථයක සිට ඔත්තු බැලූ දෙදෙනකු සමඟ ත්‍රීරෝද රථයද, ඝාතකයා රැගෙන ගිය යතුරු පැදියද කොටස් කර තිබියදී පැදිකරු සමඟ පන්නිපිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයට අනුව සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ විමර්ශනය කර මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීසීටීවී තිබුණේ පැදිකරු ළඟ. ඒක හොඳට ගියා...