IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ග්‍රාමිය මාර්ග 1800 ක් සංවර්ධනය කරනවා

(නිමල කොඩිතුවක්කු)

ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිතුවරයාගේ  උපදෙස් මත  මිලියන 5,000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබා දී ඇති බවත් ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල්ල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මීට සමගාමීව දිවයින පුරා ස්ථාන 57ක දී ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 57ක වැඩකටයුතු ආරම්භ කෙරිණ. 

 

 

 



අදහස් (3)

ග්‍රාමිය මාර්ග 1800 ක් සංවර්ධනය කරනවා

sene Sunday, 22 June 2025 03:40 PM

ඔබ කියවන දේ දෙවියන් වහන්සේගේ කනට

:       4       10

Nishan Monday, 23 June 2025 04:12 AM

කන්ටේනර් 323 ඒවා පන්නලා අරන් යන්න ලේසි වෙන්නද?

:       13       12

Rupasinghe Monday, 23 June 2025 05:13 AM

අපේ ගමේ පාර ගෙලිඔය පාහින්ගමුව මාර්ගය කිලෝමීටර් 3 යි තියෙන්නේ කදු නෑ පල්ලන් නෑ මහවැලි ගඟ දිගේ යන්නේ වැලි⁣ පොලවල් 5 හක් විතර තියනවා පවුල් 500 වැඩියෙන් ජීවත් වෙනවා.... ආණ්ඩු එනවා වනවා සල්ලි පාස්⁣වෙනවා පාරටනම් දෙයියන් ගේම පිහිටයි.... මෙදා පාරවත් මේක හදලා දෙයිද?.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site