IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ගිය වසරේ ආදායම් - වියදම් වාර්තාව ඇමති මණ්ඩලයට

(අංජුල මහික වීරරත්න)

රජයේ මුල්‍ය කාර්ය සාධනය පිළිබඳ 2024 හතර වන කාර්තුවේ ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53 (1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. 

එම විධිවිධාන පරිදි 2024-12-31 දිනෙන් අවසන් වන 2024 හතරවන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය 2025-02-14 දින හෝ ඊට පෙර අමාක්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ. 

ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපති ඉදිරිපත් කළ 2024 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය ඇස්තමේන්තු වල දක්වා ඇති වර්ගීකරණයන් මත පදනම් ව 2024-12-31 දිනෙන් අවසන් වන හතරවන කාර්තුව දක්වා සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



අදහස් (0)

ගිය වසරේ ආදායම් - වියදම් වාර්තාව ඇමති මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site