
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුරංග රාජනායක)
මාවෙල සිට ගම්පොල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකට කඩදොර ප්‍රදේශයේ දී ගොඩ වූ පුද්ගලයින් සිව්දෙනකු එම බස් රථයේ ගමන්ගත් ලංගම රියැදුරකුට පහරදී වෑන් රථයක දමා ගෙන පැහැරගෙන ගොස් ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ ගම්පොළ සහ අනුරාධපුරය අතර ධාවනය වන ලංගම බස් රථයක රියදුර බව පොලිසිය කියයි.
පැහැරගෙන ගිය බස්රථ බස් රථ රියදුරා බස් රථයක ගමන් කරමින් සිටියදී එම බස් රථයට ගොඩ වූ පුද්ගලයින් සිව් දෙනකු ඔවුන්ට පිහියකින් ඇන බරපතළ තුවාල සිදුකර ඇතැයි ගම්පොල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
බස් රථය පැදවූ රියදුරා ජයමාල ප්‍රදේශයේදී මාර්ගය හරස් කර එම බස් රථය බලහත්කාරයෙන් නතර කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ලංගම බස්රථයේ සිටි සිව් දෙනා තුවාලකරු ද ඔසවාගෙන වෑන් රථයේ දමා ගෙන පලාගොස් ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
ලංගම බස් රථය පදවාගෙන ආ රියදුරා ගම්පොල පොලිසියට ගොස් මෙම සිද්ධිය ගැන පැමිණිලි කර ඇත.
වෑන් රථයේ බලහත්කාරයෙන් දමාගෙන පලාගිය ලංගම බස් රථයේ රියදුරා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.