IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගම්පහ මහ ගංවතුර තත්වයක්: පැති කීපයක් යටවේ

(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලුඔය මහ ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අද (28) උදෑසන වන විට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 5 • 4 මට්ටමේ පැවති බවත් මෙය මීටර් 5 • 5 දක්වා ඉහළ ගියහොත් මහ ගංවතුර තත්ත්වයක් වන බවත් වාරිමාර්ග ප්‍රකාශ කරයි.

එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කරන ලද නිවේදනයට අනුව පවතින තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය නිම්නවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් ආරක්ෂිතව සිටීමට සැලකිලිමත් විය යුතු බව දැනුම්දී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 122 පීඩාවට පත්ව ඇති බව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ආපදා සහන මධ්‍යස්ථානය මගින්  නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

දිස්ත්‍රික්කයෙහි මිනුවන්ගොඩ, මීරිගම, මහර , අත්තනගල්ල, මීගමුව, ගම්පහ, දොම්පෙ සහ දිවුලපිටිය යන කොට්ඨාසයන්හි පවුල් 122 හි සාමාජිකයින් 429 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක නිවාස 29 ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් එහි සදහන්ය.

දිසාපති ලලින්ද ගමගේ මහතාගේ උපදෙස් පරිදි පීඩාවට ලක්වූවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ආපදා සහන මධ්‍යස්ථානය පවසයි.

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

කරස්නාගල

මිනුවන්ගොඩ (කීර්ති ප්‍රනාන්දු)

 



අදහස් (0)

ගම්පහ මහ ගංවතුර තත්වයක්: පැති කීපයක් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site