
(අංජුල මහික වීරරත්න)
ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දිළිඳුකම පිටු දැකීම පිණිස රාජ්‍ය, පෞද්ගලික හා මහජන මැදිහත්වීම සම්බන්ධීකරණය සඳහා වන වැඩපිළිවෙලක් වශයෙන් " ග්‍රාම ශක්ති වැඩසටහන " ක්‍රියාත්මක කිරීම සඳහා 2017-03-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර, ඒ සඳහා "ග්‍රාම ශක්ති කාර්යාංශය " ස්ථාපිත කර තිබේ.
2021 - 02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම කාර්යාංශය " සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය" වශයෙන් නම් කිරීමට තීරණය කරනු ලැබ ඇත.
" පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ජාතික ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය හා සමගාමීව, ග්‍රාමීය ව්‍යවසාය හා ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම සංවර්ධනය හා ධාරිතා සංවර්ධනය හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වඩාත් පුළුල් ප්‍රවේශයකින් යුතුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි සෞභාග්‍ය සංවර්ධන කාර්‌යාංශයේ ව්‍යුහය, විෂය පථය සහ කාර්ය භාරය ප්‍රතිව්‍යුහගත කර, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ලෙස නම් කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සර්ව බල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
අන්ඩොන් නිසා අන්දුන් කුන්දුන් Wednesday, 05 February 2025 09:43 PM
මෙහිදී ග්‍රාම නිළධාරි වසම් අක්‍රමවත් ආකාරයට බෙදාගෙන තිබීම නිසා සමහර වසමක අයට බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා උදාහරණයක් හැටියට අපේ වසමේ ග්‍රාම නිළධාරි හමුවෙන්න අපිට කිලෝමීටරයක් නගරයට පයිනුත් ගිහිල්ලා ඊළගට රුපියල් තිහක් දීල බසයෙනුත් ගොස් තවත් මීටර් 300 ක් නැවතත් පයින්ම යන්න වෙනවා වයසක කෙනෙකුට මේ සදහා රුපියල් 500/= පමණ ගෙවල ත්‍ර්‍රීවිලර් එකක යන්න වෙනවා නිකං දෙනවානම් දෙමල පත්තරේ වුනත් ගන්න සූදානම් නිළධාරි නිසා තමයි මේක වෙලා තියෙන්නෙ කාර්‍යාල කළමනාකරණයේදී සේවාලාභීන්ට පහසුවෙන් ළගාවියහැකි හදිසි අවශ්‍යතාවලදී ශරීර කෘත්ත්‍ය සදහා පහසුකමක් තිබියයුතු වුනත් තීරණ ගත් බළධාරින් ඒවා නොසලකා තමයි කටයුතු කර තියෙන්නෙ සාමාන්‍යයෙන් සෑම වසමකම වැඩිහිටි සමිති තියෙනවලු ඒත් අපේ පැත්තේ කිසිවෙකු ඒවා ගැන දන්නෙත් නැහැ එසේ වුනත් අතරමගදිත් ජනතාවට සේවය කරන ග්‍රාම නිළධාරි නිසා ලොකුම සහනයක් ලැබෙනවා
රනේ Thursday, 06 February 2025 07:01 AM
ජනතාව වශයෙන් රටේ අභිවෘදිය උදෙසා අපි අපේ කොටස කල යුතුමයි. පරණ මතක ඉවත් කර නව යුගයක් උදෙසා නව ජනතාවක් ල්‍යෙ පෙලගැසෙමු! අපෙන් ඉටුවිය යුත්ත හඳුනාගෙන එය පළමුව ඉටු කරමු.
G. R. ගුණසේන Thursday, 06 February 2025 10:09 PM
නිවරදිව ක්‍රියාත්මක වන්නේ නම් හොඳ ක්‍රමයක්.
නදීෂා දිල්හානි Saturday, 08 March 2025 10:03 PM
හොඳයි ක්‍රියාත්මක කරන්න...