IMG-LOGO

ගැබිණි මවක් උණ රෝගවලින් වැලකෙන අයුරු

මේ දිනවල රට තුළ විවිධාකාර උණ රෝගී තත්ත්ව  පැතිර යමින්  පවතින බව අපට නිතර දකින්නට අසන්නට ලැබෙන පුවතකි. මේ තත්ත්වයට හේතුව එක් තනි රෝගයක් නොවන අතර පොදුවේ රෝග ලක්ෂණයක් ලෙස උණ පෙන්නුම් කරන රෝග කිහිපයක් ඇති වීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව   පෙනී යයි. ඉන්ෆ්ලුවෙන්සාව, ඩෙංගු සහ තවමත් පහව ගොස් නැති කොවිඩ් -19 වැනි නොයෙකුත් රෝගවල මූලික ලක්ෂණයක් ලෙස උණ තත්ත්වය ඇති වේ. 

එහෙත් බොහෝ දෙනාට එතරම් සංකූලතා නොමැතිව සුවය ලැබෙන එවන් උණ රෝග  ගැබිණි මවකට වැළඳීම අවදානමකට අත වැනීමකි. මන්ද යත්, ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල සංකූලතා නිසා 2018 වසරේ පමණක් මාතෘ මරණ 41ක් සිදුව ඇත.. ගැබිණි මවක් යම් හෙයකින්  කොවිඩ්-19 තත්ත්වයට ගොදුරු වුවහොත්, තත්ත්වය බරපතළ වීමත්   කුස තුළ සිටින දරුවාට පවා සංකූලතා ඇති වීමටත්   වැඩි ඉඩක් ඇති බව ඔබ මේ වනවිට දැනුම්වත්ව ඇත. එබැවින් උණ රෝගවලින් වැලකී සිටීමටත් ගත යුතු පියවර ගැන අවබෝධයකින් සිටීම මේ මොහොතේදී වැදගත් වනු ඇත. 

ඉන්ෆ්ලුවෙන්සා වයිරසය  ආසාදනය වීමේදී  නාසයෙන් සොටු දියර ගැලීම, මස් පිඬු / අතපය වේදනාව, හිසරදය සහ ඇතැම් විට වමනය හා පාචනය වැනි තත්ත්ව දක්නට හැකියි. කොවිඩ් - 19 ආසාදනයේදීත් මීට සමාන රෝග ලක්ෂණ ඇතිවීමට හැකියි. ඩෙංගු ආසාදයක දීත් උණ, හිසරදය, මස් පිඬු වේදනා ආදී සංකූලතා මතු වීමට පුළුවන.

ඇතැම් පොදු රෝග ලක්ෂණ නිසා මේ තත්ත්ව එකිනෙකෙන් මෙන්ම වෙනත් සාමාන්‍ය  වයිරස්  උණ රෝගවලින්  වෙන්කර හඳුනාගැනීමද ඔබට අපහසු වේ. ඒ වගේම ගැබිණි ඔබට ඉහත කී උණ රෝගවලදී විශේෂිත ප්‍රතිකාර සහ වැඩි වෛද්‍ය අවධානයක්ද අත්‍යවශ්‍යම වේ.

මේ නිසා ගර්භණී කාන්තාවකට උණ තත්ත්වය ඇති වුවහොත් මුලින්ම ගත  යුතු වැදගත්ම පියවර  වන්නේ , පළමු දිනය තුළ දී ම රෝහලක් වෙත යොමු වී නිසි වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරිමයි.

ඉන්ෆ්ලුවෙන්සාව / කොවිඩ් -19 වැනි ශ්වසන බිඳිති මගින් බෝවන රෝග වළක්වා ගැනීමට අප දැනටමත් හොඳින් දන්නා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වන නිවැරැදිව මුහුණු ආවරණ පැළැඳීම, සමාජ දුරස්ථභාවය, දෑත්වල පිරිසුදුභාවය රැක ගැනීම වැනි දේට තවත් අනුගත විය යුතු වේ. 

රෝග ලක්ෂණ ඇති විට නිවසේම රැඳී සිටීම අනිවාර්ය වේ.

කහින / කිවිසින විට ටිෂූ හෝ වැළමිටේ ඇතුල් පැත්තෙන් එය ආවරණය කරගැනීමත් ඉතාම වැදගත්.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ගැබිණි මවක් උණ රෝගවලින් වැලකෙන අයුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site