IMG-LOGO

ගින්නෙන් මව-දියණිය පිළිස්සී මරුට

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය ධරම්පුරම් පොලිස් වසමේ කුඩිඉරිප්පු ප්‍රදේශයේ  නිවසක ඇති වූ ගිනිගැනීමකින් එහි සිටි  මවක් සහ දියණියක් පිලිස්සී මිය ගොස් සිටියදී  හමුවී ඇති බවට පොලීසිය පැවසීය.

නිවසක් ගිනි ගන්නා බවට ධර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් කඩිනමින් එම ප්‍රදේශයට ගොස් පරික්ෂා කිරීමේදී ගිනිගෙන විනාශ වූ නිවස තුළ කාන්තාවකගේ සහ කුඩා දියණියකගේ සිරුරු තිබී සොයාගන තිබේ.

මෙලෙස පිලිස්සීමෙන් මිය ගොස් ඇත්තේ හත්දරු මවක් වූ  47 හැවිරිදි ආනන්දරාසා සීදේවි සහ 17 හැවිරිදි ලක්ෂිකා නැමති දියණිය බවටද හඳුනාගෙන ඇත.

ගිනිගැනීම සිදුවන අවස්ථාවේදී නිවසේ වෙනත් කිසිවෙක් සිට නොමැති අතර මිය ගිය කාන්තාවගේ සැමියා වෙනත් ප්‍රදේශයක කුලීවැඩට ගොස් ඇති බවට තොරතුරු  අනාවරණය වූ බව පොලීසිය කියයි.

නිවසේ පිලිස්සී තිබියදී සොයාගත් මළ සිරුරු දෙක පස්චාත් මරණ පරික්ෂණය සඳහා කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් ඇති අතර අදාල මරණයන් ගිනිතබාගෙන සියිදිවි හානිකරගත්තේද නැතිනම් ඝාතනයකොට ගිනිතබා ඇත්තේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.



අදහස් (1)

ගින්නෙන් මව-දියණිය පිළිස්සී මරුට

fairoos Sunday, 23 January 2022 05:35 PM

ගෑස් පිපිරීමක්ද දන්නේ නැහැ.. එහෙම වෙලා තිබුණත් ආණ්ඩුව අපහසුතාවයකට පත්වෙන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site