IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගෙදර භීෂණය ඇති කළ කොස්තාපල් පොලිසියෙන් පන්නයි

(ගයාන් සූරියආරච්චි)

බීමතින් නිවෙසට පැමිණ බිරියට පහරදෙමින් අසල්වැසියන් නිතර පීඩාවට පත්කළ බව කියන මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයක කරමින් සිටියදී උතුරුමැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් මස 28 වැනිදා සිට විලච්චිය පොලිස් ස්ථානයට ස්ථානමාරුවීම ලබාදී තිබුණි.

කෙසේ වෙතත් එම කොස්තාපල්වරයා ස්ථාන මාරු නියෝග පිළිනොපැද ඇති බව පොලිසිය පවසයි.

එම කොස්තාපල්වරයා බීමතින් පැමිණ නිතර නිතර ඔහුගේ බිරියට පහරදී නිවෙසියන්ට පීඩාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.

එම කොස්තාල්වරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත ගලෙන්බිදුණුවැව පොලිසියේ නිලධාරීන් පිරිසක් එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත ඇති බව පොලිසිය පවසයි.

ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත අනුව එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත කොස්තාපල්වරයාගේ වැඩතහනමට ලක් කර ඇත.

අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජේ.පී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

ගෙදර භීෂණය ඇති කළ කොස්තාපල් පොලිසියෙන් පන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 315 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site