(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අලුත් කඩේ අංක 5 අධිකරණ සංකීර්ණය තුළදී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරුගේ පෙම්වතිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වෙඩික්කරුගේ කළමනාකරු ලෙස සිටි පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි
පෙම්වතිය බව කියන 23 හැවිරිදි තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය 174 මාර්ගයේ සම්භාහන ආයතනයක් තුළදී බවත් සැකකාරිය මහරගම පොල් වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.
වෙඩික්කරුගේ පෙම්වතිය වන සැකකාරියව සංජීවගේ ඝාතනයෙන් අනතුරුව රටින් පිටවීම සඳහා මීගමුව ප්‍රදේශයට රැගෙන යාම සඳහා සූදානම්ව සිටි පුද්ගලයා අනෙක් සැකකරු බව පොලිසිය කියයි. එම සැකකරු, වයස අවුරුදු 28 ක් වන මහරගම දඹහේන පාර පදිංචිකරුවෙකි.
සැකකරු සහ සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පොලිසිය මගිනි
ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගණේමුල්ල සංජීව ඝාතකයාගේ පෙම්වතිය අත්අඩංගුවට
සෙනෙවිරත්න Friday, 21 February 2025 09:21 PM
මම දැක්කා සජබෙ ඇඬිල්ලෝ කියනවා මේ වෙඩිතියපු කෙනා නෙවෙයි කියලා, ඒක රටට හෙනගහලා හෝ අන්දරේට පුටුව දෙන්න හිතන අය. තවත් මොළේ කලඳක් නැති බඩ මහත මන්ත්‍රී කෙනෙක් කියලා තිබුණා මේ සැකකරු ඇල්ලුවේ ඩුබායි පාවාදීමක් මත කියලා, ඒක තමයි පාතාලේ ගනුදෙනු කියන්නේ...!
de silva Saturday, 22 February 2025 02:03 AM
මේවා අතේ පැලවෙන බොරුනේ, මේ කියන කාන්තාවට රටෙන් පිට වෙන්න ඔච්චර අවශ්‍යතාවයක් තිබුණා නම්, ටිකට් එකක් අරන් ඉන්දියාවට හෝ වෙන රටකට යන්න ප්‍රහාර දිනේට පෙර හෝ ප්‍රහාරය දින හෝ ඊට පසුදින කිසිම බාධාවක් තිබුණේ නැති එකේ මොකටද තව එකෙක් මේ කාන්තාව රට ගෙනියන්නේ උදව්වට...?
ස්ද්දි Saturday, 22 February 2025 09:31 AM
දැං මේ දෙන්නත් ඔය සිද්ධියට සම්බන්ධද?