
(ගයාන් සූරිය ආරච්චි)
යතුරු පැදියකින් ගංජා ප්‍රවාහනය කරමින්සිටි සමනල වැව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බළන්ගොඩ පොලිසිය පවසයි.
බළන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී සැක සහිත යතුරු පැදියක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා කිලෝ එකක් සහ ග්‍රෑම් 765 ක් සමග සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු ගංජා ජාවාරම් කිරීමේ යෙදුණේද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු ගංජා ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත. බළන්ගොඩ වැඩ බලන සහකාර පොලිස් අධිකාරීවරයාගේ නියෝග පරිදි සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව එම කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගංජා ඇද්ද පීසී මාට්ටු