යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.
ඇත්තටම දෙහදක් එකට බැඳෙනවා කියන්නෙම අපූර්වතම හැඟීමක්.
තරුණ වයසේ පසුවන දෙදෙනකු ආදරයෙන් බැඳීම අලුත් දෙයක් නොවෙයි.එහෙම බැඳෙන හැම ආදරයක් ම විවාහයකින් කෙළවර විය යුතු ත් නැහැ.මොනතරම් ආදරය කළත් ඒ ආදරය විවාහයකින් කෙළවර වන්නේ සංසාරයෙන් ආ බැඳීමක් මතයි.
ආසියාතික සමාජය ඇතුළේ විවාහය කියන්කේ ජීවිතයේ වැදගත්ම ,වටිනාම අවස්ථාව කියා බොහෝ දෙනකු හැඳින්වූවත් අද වෙද්දි ඒ මතය සාමාන්‍යකරණය වී අවසන්.විවාහය කියන්නෙත් ජීවිතයේ එක් අවස්ථාවක් බව බොහෝ දෙනා පිළිගන්න කාරණාවක්.නමුත් විවාහය තුළින් ගොඩනැගෙන ජීවිතයේ නැවුම් බව සදාකාලිකයි.
අද වෙද්දි අපේ සමාජය ඇතුළේ දික්කසාදවීම් ඉහළ අගයක් ගන්නේ හිතාගන්න බැරි තරම් වේගයෙන් එසේ දික්කසාදය පතන බොහෝ දෙනා විවාහයට එළඹිලා තියෙන්නෙත් වසර ගණනාවක් ආදරය කරලා දැන හැඳිනගෙන ඉතා උත්කර්ෂවත් ලෙස විවාහ මංගල උත්සවත් අරගෙන.නමුත් එක වහලක් යටට වී ජීවිතය ගෙවද්දි ඔවුන්ට ඔවුන්ගේම නොගැලපීම් වැටහිම් මත ඉතා කෙටි කාලයකින් දෙපසට වනවා.
ගොඩක් වෙලාවට අපේ රටේ විවාහ කටයුත්තකදි තාමත් බලන්නේ කුලගොත්,වත් පොහොසත්කම් ,රූ සොබාව ආදී දේවල්.මෙි දේවල් මොනතරම් තිබුණත් විවාහයේදි වඩාත් වැදගත් වන්නේ එකිනෙකා පිළිබඳව ඇති අවබෝධය වගෙම සම අදහස්.ඒ වගේම එකානෙකාට ගෞරව කිරීමත් විවාහ ජීවිතය අලුත් කරනවා.
ගඟක් කිව්වා ගලායන්නට
බැරිලු එක සේ බෝ දුරක්
මලක් ඇසුවා විල් දියේ මිස
පිපෙනු කෙලෙසද.එහි මලක්....
හිතත් ඇත්නම් පිපෙන්නට හැකි
ගලක් මත හෝ වී මලක්
ගඟක් මුමුණනු මලට ඇසුණා
හිතට දී පසුතැවීමක්...
ගඟක් සනහා මලක් පිපුණා
සසර එක්කර බැඳීමක්
ගලායන ගඟ තවත් නොතැවෙන්
පිපෙමි වී එහි සියපතක්...
ගායනය - හර්ෂණ දිසානායක / ලක්ෂණා ලක්මිණී
සංගීතය - දර්ශන වික්‍රමතුංග
අලුත් පරපුරේ ගී පද රචිකාවන් අතරේ කවි කමද දෝතට ගෙන නිර්මාණකරණයේ යෙදන අමාලී ඇහැළියගොඩ දවසින් දවස ශක්‍යතා ඔප් නංවන බව වඩාත් පැහැදිලි වන්නේ ඇයගේ ගීත නිර්මාණ රස විඳීම තුළින්.ගීතයකට උචිත ගීතමය බස් වහර,ගීතයේ ආකෘතිය මැනවින් හදාරා තම නිර්මාණ මත ඒ සියල්ල සෙමින් දිග හරින්නේ බොහොමත්ම පරෙස්සමින්. හුදු ප්‍රේමය ,විරහවෙන් තොර අත්දැකීම් ඇය තම නිර්මාණ තුළින් විහිදා පෑම ද අගය කළ යුතුමයි.
"ජීවිතේ අතිශය වෙහෙසකාරී ගමනක ආදරය කියන්නෙ ගිමන් නිවන හැඟීමක් මට.
අතිශය කාර්යබහුල තරුණයෙක් විවාහ වෙන්න තරුණියකට ගේන විවාහ යෝජනාවක් පිළිබඳව තමයි මේ ගීතයෙන් කියැවෙන්නෙ.
ඇය ප්‍රාර්ථනා කරන්නෙ වැවක් මැද මලක් වෙන්න මිසක වේගයෙන් ගලන් යන ගඟක් මැද පිපෙන්න නොවෙයි.
නමුත්,
ඔහුගේ ආදරයට ඇයට පිටුපාන්න බැරි වනවා. ඒ තරම් ඒ ආදරය, රැකවරණය ඇගේ සිතුවිලි වෙනස් කරනවා..
ඔවුන් විවාහ වෙනවා..
තාමත් ගඟ වේගයෙන් ගලාගෙන යනවා..
ඒත් තවත් පොහොට්ටු තුනක් එක්ක පිපිලා ඒ ආදරේ විඳිනවා..ඇත්තටම මම මේ ගීතයෙන් කියන්නෙ මගේ ආදරය,ජීවිතය.දැන් ඒ ආදරණීය ජීවිතයට අවුරුදු 15කට කිට්ටු යි.
ඒ තරුණයා අමිල ජයසේකර තරුණිය අමාලී ඇහැළියගොඩ නම් මම.
එදා මං ගත්ත තීරණය කොයිතරම් නිවැරදිද කියලා අද දවසේත් සතුටු වනවා.
මොකද අමිල තාමත් පියෙකුගේ සැමියෙකුගේ වගකීම් සියල්ල ඉටුකරමින් ප්‍රේමවන්තයෙක් විදියට මට ආදරේ කරනවා.ඒ නිසා
මට තාම දැනෙන්නේ මම පෙම්වතියක් විදියට."
ඒ තමයි යුග ජීවිතයට පත්වන සෑම ගැහැනියකගේම මුවින් නැගිය යුතු කතාව.හැම ගෘහයක් ඇතුළෙම ජීවිතය ගෙවෙද්දි පැන නගින ගැටලුවලට දෙදෙනාම එකතුවෙලා පිළියම් සොයලා ,ඒවාට මුහුණ දීලා මේ එදා පෙම්වතියමැයි..මේ එදා පෙම්වතාමැයි කියා සිතන්න පුළුවන්නම් ජීවිතය මොනතරම් සොඳුරුයි ද?
විවරණය: සුජිත් ප්‍රසංග
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිස
තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන සහ මෙහෙයුම් ගැටලුවලට විසඳුම්දීමට බලධාරීන් අපොහොසත්වීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිතිය පැය 48 ක සංකේත වැඩ
උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැ
ප්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ එක මාර්ගයක් අවහිර වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇ
පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම පැය බාගයකින් පරක්කු කරන්නැයි කථානායකවරයාගෙන් සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකගෙන් තමා ඉල්ලීමක් කළ බව පොදුජන පෙරමු
රටපුරා පැය 5 ක පමණ කාලයක් විදුලිය බිඳ වැටීමෙන් රුපියල් කෝටි 600 ක පමණ ආර්ථික හානියක් වූ බවත් විදුලිය බිඳ වැටීමෙන් වැලැක්වීමට මහජන උපයෝගිතා කොමිසම පසුගිය
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
ගඟක් සනහා මලක් පිපුණා...