
(නිමල කොඩිතුවක්කු)
කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
කැලණි ගඟ ද්‍රෝණිය සහ අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
ගංගා ද්‍රොණි ආශ්‍රිත පහළ ප්‍රදේශ වල සැලකියයුතු මට්ටමේ ඉහල වර්ෂාපතනයක් වාර්ථා නොවූ බැවින් ගංවතුර අඩුවන දිශාවට ගමන් කරමින් තිබෙන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පවසයි.
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල සුලු ගංවතුර අවධානමක් තවදුරටත් පවතින බවත් ඔහු සඳහන් කළේය.
මෙයට අමතරව කැළණී, කලු, ගිං, ආදී ගංගාවල පහළ ප්‍රදේශවන කොළොන්නාව, බියගම, කඩුවෙල, මදුරාවල, බුලත්සිංහල, වලල්ලාවිට බද්දේගම, ඇතුලු ප්‍රදේශවල තවදුරටත් ගංවතුර පවතින බවත් ඔහු සඳහන් කළේය.
දිවයිනේ ප්‍රධාන ගංගාවල සහ අතුගංගා ආදියේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමක පවතින බැවින් ඒවායේ ගමන් කිරීම, ඔරු පැදීම සහ දිය නෑමෙන් වැලකී සිටිය යුතු බවත් සුගෂ්වර මහතා කීවේය.
එමෙන්ම අධික වර්ෂා පතනයත් සමඟ නගර ආශ්‍රිත මහා මාර්ග ක්ෂණිකව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් රථ වාහන රියදුරු මහතුන් සහ මගීන් ඒ පිළිබඳ සැලකලිමත් වන ලෙසත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි