IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කෝවිඩ් රකුසාගේ තිප්පොළ සොයා ගනී

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් වයිරසය වැඩියෙන්ම බෝ වී ඇත්තේ මත්පැන් බොන ස්ථානවලින් බව සොයාගෙන ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මේ නිසා එවැනි ස්ථාන මේ අවස්ථාවේ හැකිතාක් මග හැර සිටීම වැදගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර නව වෛරස ප්‍රභේද රටට ඇතුළු වීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව පැවසූ ජයසුමන මහතා එන්නත්කරණය අභිබවා යා හැකි වයිරස ප්‍රභේද රටට ඇතුළු වීමේ හැකියාවක් තිබෙන බවද පැවසුවේය

 



අදහස් (8)

කෝවිඩ් රකුසාගේ තිප්පොළ සොයා ගනී

මහසෙන් Sunday, 24 October 2021 08:38 AM

අහ්. ඒක වෙන්න ඇති මුලින්ම බාර් ඇරියේ. තවම බාර් අරින්න උපදෙස ආවේ කොහෙන්ද කියලා හොයාගන්න බැරිව තටමනවා. අනික් පැත්තට මෙහෙම කියනවා. අනේ මෙහෙම කටවල්.

:       1       36

Jayantha Sunday, 24 October 2021 09:32 AM

ඒකනේ අපේ රටේ මුලින්ම බාර් ඇරල දුන්නේ. බලන්ඩ ඒ දුර දක්නා නුවන.

:       1       26

mihira Sunday, 24 October 2021 11:07 AM

මහාචාර්ය කම් දුන්න කෙනා හොයාගන්න ඕන මෙයාට. ඕක ඕන මොන්ටිසෝරි දරුවෙකුගෙන් ඇහුවොත් කියයි.

:       1       15

fairoos Sunday, 24 October 2021 12:34 PM

බාර් ඇරපු එක කාටත් දන්නැහැ ඒ ගැන පරීක්ෂණයත් නැහැ

:       1       8

ravin Sunday, 24 October 2021 04:31 PM

ෂා.. ඔන්න බලන්න අපේ මිනිස්සුන්ගේ තියෙන කුහකකම... අරෙහෙ කෝටිගණන් වියදම් කර කර හොයනවා කොරෝනා ආපු තැන. දන්න එක්කෙනා මෙහෙ තියාගෙන ඇස කට පියාගෙන ඉන්නවා.

:       1       4

ganegoda Sunday, 24 October 2021 04:59 PM

අපි බාර් ඇරියේ පාලකයින් බේබද්දන් නිසා බව දන්වා සිටිමු.

:       1       4

Harsha Monday, 25 October 2021 11:41 AM

බම්බුව මා කට කහනවට කියන කතා එහෙනම් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් එකෙන් කොවිඩ් ආවේ බීලා වෙන්න ඇති. ගුරු පොකුරු ආවේ ,නුවරඑළිය පොකුරු ආවේ .අනේ අප්පුවෝ කොන්ඩේ බැඳපු චීන්නුන්ට තමා ඕවා කියන්න වෙන්නේ ජයසුමන

:       1       2

බණ්ඩාර Monday, 25 October 2021 11:23 PM

සත්‍ය දකින්න පුළුවන් මොළ 7ක් තියෙන කෙකෙකුට පමණි. ඒ නිසා වෙන්න ඇති බාර් ඇරියේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site