
(අංජුල මහික වීරරත්න)
කුවේට්හි රැකියාවක නිරතව සිටියදී අනතුරකට ලක්වී ආබාධිත වූ ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුග්‍රහයෙන් නව නිවසක් තනා දී ඇත.
කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සහ කාර්යාංශයේ මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල, මාගන්දනමුල්ල ප්‍රදේශයේදී නිවසට ගෙවදීම සිදුකෙරිණි.
දරුවන් දෙදෙනෙකුගේ මව වන ආර්.එම්.කාන්තිරත්න මැණිකේ මහත්මියගේ සැමියා මියගොස් ඇත. වැඩිමහල් දියණිය යුද හමුදාවේ සේවය කරන අතර බාල දියණිය උසස්පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී.
ලෑලි හා ඉටිකොළ ආවරණය කර ටකරම් වහල සෙවිලි කළ නිවසක ජීවත් වූ කාන්තිරත්න මැණිකේ මහත්මිය හට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහන නිවාස සුබසාධන වැඩසටහන මගින් රුපියල් ලක්ෂ 17.5ක වියදමින් මෙම නිවස සාදා දී තිබේ. නිවස තැනීමේ කටයුතු මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුවිය.


2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට් හිදී ආබාධිත වූ කාන්තිලතාට අලුත් ගෙදරක්
රම්බොඩ Saturday, 22 March 2025 04:24 PM
කමක් නෑ. මේ තරමේ හෝ ස්ථිර නිවහනක් ඇයට ලැබුණානේ...
fairoosmr Saturday, 22 March 2025 04:31 PM
ඉතාම වටින වැඩක්...