
(අංජුල මහික වීරරත්න)
කුලී නිවැසියන්ගේ සහ ගෙවල් හිමියන්ගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කර ගෙන නව නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එම නීතිය හඳුන්වා දීම පිණිස 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
මනුස්සයෙකුට කුලියට හරි ඉන්න තිබුණු එක නැති වෙනවා. මීට පස්සේ ගෙවල් හිමියන් කුලියට දෙන්න බය වෙනවා.. ගේ අයිතිකාර ගෑණි කියලා...
දැනටම ආරක්ෂා වෙන්නේ කුලී නිවැසියෝ. තව මොනවද කරන්න උත්සාහ දරන්නේ. ගෙවල් නිකම්ම කුලී කාරයාට දෙන්න කියලද?
මේ පුවත සත්‍යයක් වෙන්න බැහැ , මේ කතාව ඇත්ත නම් ,සම ඓතිය ලැබෙනවා නම් ඉදිරියට ගෙවල් හදන්න හෝ මිලදී ගන්න අවශ්‍ය නැහැ , කුලියට ගන්න එක ඉතා ලාභාදායකය , ඉදිරියට මිනිස්සු ගෙවල් කුලියට දෙන එකත් නතර කරලා දමාවී , කවුද කැමති ගෙයක් කුලියට දීල අයිතියෙන් භාගයක් නැතිකරගන්න, විකුණලා දමන එක ලාභාදයකනේ ? මේ ආණ්ඩුව කරන්නේ ඉන්න මාස 2-3 ත් තිබෙන ප්‍රශ්න විසදීම නොව අලුත් ප්‍රශ්න ඇති කර යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ඔක්කොම අවුල් කරන්න ,
වටින වැඩක්, ගෙවල් අයිතිකාරයො හිතන් ඉන්නෙ කුලී නිවැසියො වහල්ලු කියල, අනෙක් අතට ගෙදරක බලෙන් ඉන්න කෙනෙක් යවන්න නීතියෙ පිහිටක් නෑ,
මින් පසුව ගෙවල් කුලියට දෙන්නේ නැහැ වහල දාලා තියනවා.
ඔය නීති කොහොමත් තිබ්බේ ගෙවල් බලෙන් අල්ලගන්න බලාගෙන කුලියට එන අයට වාසි විදියට. තව මොනවද වෙනස් කරන්න යන්නේ?
මෙම ක්‍රියාව සිදු කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් බොහෝමයක් රජයේ දේපළවල කුලී නිවැසියන් බව සෑම දෙනාටම තේරුම් ගත හැකි යැයි අපි බලාපොරොත්තු වෙමු. එවැනි දේපලවල හිමිකාරිත්වය යම් දිනක ලබා ගැනීමට ඔවුන් කැමතියි.
නිවාස හිගයට ඕන රටක් කරන දෙයක් තමයි rental market එක ශක්තිමත් කිරිම. For Rent ඉලක්ක කරගෙන සිදුවන මහල් නිවාස වලට ආයෝජන කිරිම සහ ඉදිකිරීම් දිරිගැන්වීම ක්‍රමවත්ව කරනවා දියුණු රටවල්. නිවාස සංකීර්න වල යම් නිවාස ප්‍රතිශතයක් "Affordable Housing ' විදිහට වසර 30ක් වගේ කාලයකට වෙන්කිරීමෙ එකගතාව යටතේ ඒ ඒ සංවර්ධන ව්‍යාපෘති වලට රජයෙන් 'Development Incentives' නැත්නම් යම් නීති රීති ලිහිල් කිරීමත් , යම් Tax relief කිරීම් ලබාදෙනවා ව්‍යාපෘති කරුට. මෙහෙම නිවාස සැපයුම වැඩි කිරීමෙන් supply vs demand balance කිරීමෙන් ජනතාවට Rent එක අඩු මට්ටමකින් ලැබෙනවා. තරගකාරිත්වය නිසා ගෙවන rent එකට හොද ඉහල පහසුකම් සහ නිවාසත් ලැබෙනවා. වසර 18ක ඇමෙරිකාවේ multifamily project design
මේ හදන්නෙ දැනට බදු ගිවිසුම් නැති කුලී දීම් වලට ගිවිසුම් ගස්සවන්න, කුලී කරුව සම අයිතිය ගන්න හිතාගෙන බදු ගිවිසුම් වලට උනන්දු වෙයි, බදු හිමිය තම නීත්‍යානුකූල තත්ත්වය ගන්න ඒකම කරයි, පස්සෙ රජය බදු ඔප්පු ටික හොයාගෙන බදු ඉල්ලල ලියුම් එවයි.නැත්නම් ටැක්ස් ෆයිල් අරීවි.